27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsSportsSports News

කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට

13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ මීටර් සියය කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට හිමිකර දීමට ලක්‍ෂිකා සුගන්ධි අද (05) සමත් වුණා.

එහිදී ඇය තරගය නිම කළේ තත්පර 13.6 8 කින්. මෙම ඉසව්වේ ලෝකඩ පදක්කමද ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාවක් හිමිකර ගැනීම විශේෂත්වයක් වුණා. එම පදක්කම ශී‍්‍ර ලංකාවට හිමිකර දුන්නේ ඉරේෂානි රණසිංහයි.

ඇයගේ තරග නිමි කාලය තත්ත්පර 14 .1 8 ක්. දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ මෙම ඉසව්වේ වාර්තාවද ශී‍්‍ර ලංකාව සතු වනවා.

1999 වසරේ කත්මණ්ඩු නුවර පැවති 08 වන සාග් කී‍්‍රඩා උළලේදී ශී‍්‍රයානි කුලවංශ තත්පර 13.1 2ක කාලයක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවා තිබෙනවා.

මේ අතර මීටර් සියය කඩුළු මතින් දිවීමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම ශී‍්‍ර ලංකාවට හිමිකර දීමට රොෂාන් ධම්මික අද සමත් වුණා.

මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ද්විත්වයම ශී‍්‍ර ලංකාවට හිමිවීමද විශේෂත්වයක්. අරුණ දර්ශන එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර පි‍්‍රයන්ත ලක්මාල් එම ඉසව්වේ රිදී පදක්කම ශී‍්‍ර ලංකාවට හිමිකර දුන්නා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සමෘද්ධිය කපන්නේ නැහැ! ඇමති කියයි

Shiran Viraj

අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

Shiran Viraj

නාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.

Shiran Viraj
Translate »