30 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

රුසියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුනත් දැන් ලංකාවට ගන්න බෑ…

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බලශක්ති ඇමතිවරයා සමග වාඩිවන විටම පැමිණීමට නියමිත ව තිබූ තෙල් නැව් වලට සිදුවන ආනිසංසය තමන් දැනගත් බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් රණවක මහතා;

ප්‍රශ්නය : රුසියාවෙන් බොරතෙල් ආනයනය කරන්න ආණ්ඩුව කරනවා කියලා කියනවා. මේක සාර්ථක වෙයිද?

“තෙල් ගෙන්නන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වූ ආයතන තියෙනවා. දැන් මේ ආණ්ඩුව කරන්නේ එසේ ලියාපදිංචි වෙලා ඉන්න නිල සැපයුම්කරුවන්ගෙන් පිට එක එක්කෙනාගෙන් තෙල් ගන්න උත්සාහ කරනවා. නැව් 6 ක් ගේනවා කිව්වා. 4 ක් ගේනවා කිව්වා. අන්තිමට 2 ක් ගේනවා කිව්වා. දැන් එකක්වත් නෑ. මේකේ තව භයානක පැත්තක් තියෙනවා. 2012 දී මේ වගේ දෙයක් කළා. වාහන පාරේ නැවතුනා. ප්‍රමිතියකින් තොර තෙල් ගෙනල්ලා. ඒ නිසා මේ රටේ ලියාපදිංචි වෙලා ඉන්න දේශීය නියෝජිතයෝ ඉන්නවා. ආයතන තියෙනවා. එක එක්කෙනා අරහෙන් මෙහෙන් ගෙනල්ලා ගහන ඒවා ගිහින් වෙන්න තියෙන විනාශය ඉතා අධිකයි. නාමල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා තෙල් සංස්ථාවේ ඇමතිතුමා එක්ක වාඩි වෙනකොටම මේ තෙල් නැවටත් මේ ආනිසංසය වෙන විත්තිය අපි දැනගත්තා.

දැන් මිනිස්සු එකක් තේරුම් ගන්න ඕන දැන් රටේ තෙල් නෑ. ඊළඟට විදුලි බල ස්ථානවලට යම් තෙල් ප්‍රමාණයක් තියෙනවා. මේ අර්බුදයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු අය තාමත් නිදැල්ලේ. නිදැල්ලේ විතරක් නෙවෙයි. තාමත් ජනාධිපති ධූරය උසුලනවා. ඒ වගේම තෙල් සංස්ථාව පාලනය කරන්න යනවා. විදුලිබල මණ්ඩලය පාලනය කරන්න යනවා.

අද තමන්ට කිරිපිටි නැතුව, බේත් නැතුව, තෙල් නැතුව, ගෑස් නැතුව, දරුවෝ පාසල් යවාගන්නේ නැතුව, රැකියාවලට යන්නේ නැතුව, මුළු රටම හිර කරලා තියෙන්නේ තනි පවුලක් විසින් බව මහජනතාව තේරුම් ගත යුතුයි.

එක්තරා බැංකුවක් නඩු පවරලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ. ඔවුන්ගේ දේපළ, සොරාගත් ධනය තියෙනවා කියලා. රාජපක්ෂවරු වහාම අර බදු පාරාදීස වල හංගපු ධනය රටට ලබා දීලා වහාම තමන්ගේ ධුරවලින් ඉවත් වෙන්නෙයි කියන තැනට මුළු රටේම ජනතාව දැන් කටයුතු කරන්න ඕනේ. 55 ලක්ෂයක් පවුල් වලට තවත් මේ දුක දරාගන්න බෑ. ඒ නිසා මංකොල්ල කන ලද ඩොලර් බිලියන ගාණක ධනය ඒ බදු පාරාදීස වලින් හා ඔවුන්ගේ දේපළ වලින් ලබා දීලා ඔවුන් මේ දේශපාලනයෙන් සහමුලින්ම ඉවත් කරනකන් මේ රටේ මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. අපේ ජාතික ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනැගෙන්නේ නෑ. රුසියාවේ නෙවෙයි සයිබීරියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුනත් අපට ඒවා ලබාගන්න හැකියාවක් නෑ. අපට දරුවන්ට බේත් ටික නෑ. අපේ දරුවන්ට පාසල් යන්න විදිහක් නෑ. මිනිස්සුන්ට රැකියාවලට යන්න විදිහක් නෑ. ගෙදර විදුලිය නෑ. දිනපතාම අපේ කර්මාන්ත ටික ඇද වැටෙනවා. සේවා ටික ඇද වැටෙනවා. මුළු රටම 1960 දශකයට ගෙනිහිල්ලා තියෙනවා. ඒ නිසා ඔය විවිධ දූත පිරිස් කොහේ ඇරියත් මේ වැඩේ සාර්ථක වෙන්නෑ. රාජපක්ෂ මුල් පිටුවල ඉඳගෙන තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය මෙහෙයවන තැනට ඒ අදාළ පුද්ගලයින්ට අදාළ ඇමතිවරුන්ට ඒ කටයුත්ත කරන්න නොදී කටයුතු කරනකන්.

ප්‍රධාන කාරණය, මේ රජයට දැන් ජන වරමක් නැහැ. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නා කිව්වට 2/3 බලය ලැබුණයි කිව්වට එහෙම ජනවරමක් දැන් නැහැ.මෑතදී පැවැත්වුවා ජනමත සමීක්ෂණයක් ඩේලි මිරර් වෙබ් අඩවියෙන් 67% ක් 2/3 රටේ ජනතාව. ජනාධිපතිවරයා මේකට වගකිව යුතුයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම 96% ක් රාජපක්ෂවරුන් මේකට වගකිව යුතුයි කියලා මීට ප්‍රථම පවත්වපු ජනමත සමීක්ෂණ වල තියෙනවා. මේ රටේ පවත්වපු හැම ජනමත සමීක්ෂණයකින්ම ජනතාව එක හඬින්, ඒකමතිකව කියන්නේ ඒ දේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න. නිශ්චිත දින සහිතව ඊළඟ මහ මැතිවරණය දක්වා වෙන අන්තර්කාලීන පාලනයක් පිහිටුවන්න. පොදු එකඟතාවයක් ඇති කරගන්න රට පාලනය කරන්න. එතකොට විපක්ෂ නායක විතරක් නෙමෙයි, විපක්ෂයේ අපි සියලු දෙනාමත් මේ ආණ්ඩුවේ වගකීම භාර අරගන්න සූදානම්.”

ලෙෂාන් විදානගමාච්චි
– Media unit

Related posts

මුදල් නෑ.. ලංවිම කඩදාසි නැතිව බිල දෙයි..

Shiran Viraj

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය

Shiran Viraj

Travel News – How this family of 3 can afford to travel the world year-round

Shiran Viraj
Translate »