mediahumanrights.lk
Business Business News News

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කළ ආචාර්ය රාධිකා කුමාරස්වාමි එම තනතුරින් ඉල්ලා අස් වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් සමාගම් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2019 දෙසැම්බර් 31 දින සිට මෙම ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බවයි. සිය අනෙකුත් වෘත්තීය කටයුතු නිසා පැන නැගී ඇති කාර්යබහුලතාවය හේතුවෙන් සහ පුද්ගලික කරුණු හේතුවෙන් ඇය අදාළ තනතුරින් ඉල්ලා අස් වන බව සමාගම් ලේකම් වැඩිදුරටත් පවසයි.

2018 ඔක්තෝබර් 01 දින ඇය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස පත්වීම් ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ පෙළ් තනතුරු කිහිපයක්ම හොබවා ඇති ඇය 2003 සිට 2006 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වශයෙන් කටයුතු කළාය. මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම නීති විශාරදවරියක් ලෙසින් ද ඇය ප්‍රසිද්ධියට පත් වී සිටී. ඇය New York University of Law හි නීතිය පිළිබඳ ගෝලීය මහාචාර්යවරියකි.

ආචාර්ය රාධිකා කුමාරස්වාමි, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ සොහොයුරියක වේ. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙම මස 20 දින මහ බැංකු අධිපති ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Related posts

කොවිඞ් වැළඳි විශාල පිරිසක් මහමග මියගිය බවට අසත්‍ය පුවත් පළ කළ අයෙකු සීඅයිඞී අත්අඩංගුවට

Shiran Viraj

ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට ශ්‍රී ලංකාවේ Minstry of Crab හා Nihonbashi එක්වෙයි

Shiran Viraj

චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්

Shiran Viraj