27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
NewsPolitical

රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

එක්සත් ජාතික පක්ෂ හිටපු නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව විශ්‍රාමික අගමැතිවරයකුට ලැබෙන වරප්‍රසාද තමන්ටද ලබාදීමට කටයුතු කරන්නැයි වික්‍රමසිංහ මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ අතර අද පෙරවරුවේ වික‍්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක තිබේ.

එම හමුව සඳහා මාධ්‍ය ආවරණයට ඉඩ දී නැති අතර පිටතට පැමිණි වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එහි පැමිණියේ ස්තූති කිරීමට බවයි.

වික්‍රමසිංහ මහතාගේ එම ගමන සඳහා කිසිදු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු එක්ව සිටියේ නැත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සිර භාරයෙන් පැන යාමට තැත් කළ පාතාල නායකයා පොලිස් වෙඩි පහරින් මරුට

Shiran Viraj

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයේ හත්වෙනියාත් අත්අඩංගුවට

Shiran Viraj

ITAK මන්ත්‍රී ශානකියන්ගෙන් NPP ට විවේචන: හර්තාලය සාර්ථක බවට ප්‍රකාශ කරයි

Shiran Viraj
Translate »