27.8 C
Colombo
2026-08-06
mediahumanrights.lk
International NewsNews

කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවකින් බලපෑම් එල්ලවී තිබේ.

ඒ සමග අකුණු සහිත වැසි තත්ත්වයක්ද හටගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කළේය.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පසුගිය කාලයේ පැවති අධික උණුසුම් වියළි කාලගුණයත් සමග ප්‍රචණ්ඩ ලැව්ගින්නක් පැතිර ගියේය.

එම උණුසුම් කාලගුණය අවසන් කරමින් ප්‍රාන්තයට මේ වන විට අධික වැසි සමග හිම පතනය වෙමින් තිබේ.

මේ සමග මෙම ශීත ඍතුවේ පළමු හිම කුණාටුවද හටගෙන තිබුණි.

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවධානමක්ද මතුව තිබේ.

එමෙන්ම වර්ෂාවත් සමග ප්‍රබල අකුණු තත්ත්වයක්ද හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේ නමුත් කුණාටුව පහවයෑමත් සමග යළිත් ප්‍රාන්තයේ වියළි කාළගුණික තත්ත්වයක් හටගනු ඇති බව කාලගුණ බලධාරීන් පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දඹුල්ලේ නිවසට ගිය මිනුවන්ගොඩ ඇගළුම්හල් සේවකයාට කොරෝනා

Shiran Viraj

නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයි

Shiran Viraj

සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..

Shiran Viraj
Translate »