28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

මවු­පිය ආශී­ර්වා­දය ලැබෙ­න­වා නම් යෝජිත විවා­හය නරක නෑ ජන­ප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරි­ව­ර්ධන

විනූ සිරිවර්ධන කියන්නේ මේ වන විට රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. හැමදාමත් කලාව තුළ හෙමින්, නිරවුල් ගමනක් යන මේ රුවැත්තිය කාලෙන් කාලෙට විවිධ කතා බහට ලක් වන රංගන ශිල්පිනියක් ලෙස හැදින්විය හැකියි. මේ දිනවල හිරු නාලිකාවෙන් විකාශය වන ‘සිද්ධාර්ත ගෞතම‘ ටෙලි නාට්‍යයේ අමිතා දේවියගේ චරිතයෙන් අප හමුවට එන ඇය රසඳුන තුන්වැනි පිටුව හැඩ කරන්නට එක් වූයේ මෙලෙසයි.

කොහොමද විනු…

හොඳින් ඉන්නවා.

නැවතත් රජ බිසවක වුණා නේද? …

ඔව්. ‘සිද්ධාර්ථ ගෞතම‘ ටෙලි නාට්‍යයේ අමිතා දේවියගේ චරිතය රඟපෑම නිසා මෙවර රජබිසවක් වුණා. මීට පෙර ‘සී රජ‘ ටෙලි නාට්‍යයේ සීගිරි අප්සරාවකගේ චරිතයක් කළා.

විනූට බිසවගේ චරිතය වැඩිපුර ලැබෙන්නෙ ඇයි?..

මගේ පෙනුමට වෙන්න ඇති. එවැනි චරිත රඟපාන්නත් මම ඉතා කැමැතියි. එය හැම කෙනෙකුටම නොලැබෙන අවස්ථාවක්.

ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නවද?

නැහැ. තෝරාගත් නිර්මාණ විතරයි කරන්නෙ. එහෙම තෝරාගන්නා හැම චරිතයකටම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මගේ වාසනාවට මට ලබෙන්නෙ එකිනෙකට විවිධ වූ චරිත. ඒ ගැන සතුටුයි.

මොනවද මේ දවස්වල දායක වන නිර්මාණ..

නිර්මාණ කිහිපයක් ම මේ මාසෙ තමයි පටන් න්න ඉන්නෙ. හර්ෂ උඩකන්දගෙ ‘ගෝරි‘ සහ ‘අහස්පාලම‘ චිත්‍රපටවල වැඩ අවසන් කළා. ඒව ඉදිරියේදි තිරගත වෙයි. තවත් අලුත් චිත්‍රපටි දෙකක රූගත කිරීම් කරනවා.

රංගනයට එන්නේ..

2012 වසරෙදි ‘මිස් ශ්‍රි ලංකා‘ තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව. පාසල් යන කාලෙදීත් විවිධ කලාකටයුතුවල නියැළුණා.

මොනවද පාසලේදි කළ කලා කටයුතු..

මගේ පාසල නුගේගොඩ අනුලා විදුහල. උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවේ අනුලාවේ. ළදරු පාසල් ගියෙත් අනුලා ළදරු පාසලට. මගේ අම්මත් එහි ගුරුවරියක්. පාසලේදී පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව, බාලදක්ෂිකාවක වගේ බාහිර වැඩ කළා. 2011 වසරෙ අනුලා කුමරිය ලෙස ජයග්‍රහණය කළා. ඒ නිසා 2012 ලංකාවේ රූ රැජන තරගයට දැම්මා. එම ජයග්‍රහණය නිසා තමයි රංගනයට එන්න වාසනාව ලැබුණේ.

රංගනයේදී අමතක නොවන සිදුවීම් මොනවද?

අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. එයින් එකක් කියන්නම්. මාව මෙරට ප්‍රේක්ෂකයන් හඳුනාගත් ‘තරුමලී‘ ටෙලි නාට්‍යයේ තරුමලී පළමු රූගත කිරීම දා පරිප්පු නාන්න සිදුවුණා. ඒ වගේම කාවිංගගේ විවිධ අඩන්තේට්ටම්වලට ලක් වන්න සිදුවුණා. ඒ සිදුවීම ජීවිතේට අමතක වෙන්නෙ නෑ.

කලාවට එන නවකයන් ගැන මොකද හිතෙන්නෙ..

නවක රංගන ශිල්පිනියන් ගැන යමක් පැවසීමට තරම් මම ප්‍රවීණ වෙලා නෑ. මම දැන් කලාවට ඇවිත් අවුරුදු හතක් වගේ. මෑත කාලයේ එන රංගන ශිල්පිනියන් එන වේගයෙන්ම යනවා. ඔවුන් රංගනයට එන්නේ ජනප්‍රියත්වය බලාගෙන. මේක වෘත්තිය කියල හිතාගෙන රංගනය ගැන වැඩිදුර හදාරනව නම් හොඳයි.

විනූ පෙම්වතියක්ද?

තවම නැහැ.

ඒ කියන්නෙ විවාහ වන්නේ යෝජනාවකින්…

මට හිතෙනව මවුපියන් කැමැතිනම් ඔවුන්ගේ ආශිර්වාදය ලැබෙනව නම් යෝජිත විවාහය නරක නෑ කියල. යෝජිත විවාහයකදී ස්ථිර භාවයක් තියෙනවා. සබඳතාවකදි ස්ථිර භාවය අඩුයි. මගේ මවුපියන් බොහොම සාර්ථක විවාහ දිවියක් ගත කරනවා. මටත් ඕනෑ දවසක ඒ වගේ ජීවිතයක්. ඒ සඳහා කාලයක් ගෙන නිවරැදි සහකරුවෙක් සොයා ගන්නවා.

ඔහු කලාවට සම්බන්ධ කෙනෙක් වුණොත්..

කලාවට සම්බන්ධ රංගන ශිල්පීන්ගෙන් මුල් කාලයේ නම් ආරාධනා ලැබුණා. එහෙත් දැන් එහෙම නෑ. සියලු දෙනාම මිතුරන්.

පවුලෙ විස්තර ටිකක් කියමුද?

මගේ අම්මා, තාත්තා සහ අයියා, නංගී. අයියා රැකියාවක් කරනවා. නංගි වැඩිදුර ඉගෙන ගන්නවා.

* අනාගත බලාපොරොත්තු..

හොඳින් රංගනයේ නියැළීම. 

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

ලෝකයේ කොරෝනා මරණ වැඩිම රට ශ‍්‍රී ලංකාව විය හැකි බව දන්වයි…

Shiran Viraj

ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32% දක්වා ඉහළ නංවීමේ සැලැස්මක්

Shiran Viraj

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Shiran Viraj