30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල් උපවාසය අත්හරියි!

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පවත්වාගෙන ආ උපවාසය අත්හැරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
උපවාසය අත්හරින ලෙස මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීමට ගරු කරමින් මේ මොහොතේ කිරි වීදුරුවක් පානය කොට උපවාසය අත්හළ බව මන්ත්‍රීවරයා අද දෙරණට කියා සිටියේය.
අද දින පෙරවරුවේ විමල් වීරවංශ මහතාගේ සැප දුක් බැලීමට කෝට්ටේ අනුනායක ගොඩපිටියේ රාහුල හිමි, උදිත හිමි, සුමනජෝති හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් වැඩම කළ බවත්, උන්වහන්සේලා විසින් මෙම උපවාසය අත්හරින ලෙස ඉල්ලා සිටි බවත් ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.
රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලැබීමෙන් පසු ඇප ඉල්ලා අයදුම් කළද ඇප නොලැබීම හේතුවෙන් ඉකුත් මාර්තු 22 දා ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරය තුළදී උපවාසයක් ආරම්භ කරන ලදී.
නිසි පරිදි ආහාර නොලැබීම නිසා තරමක අසනීප තත්ත්වයකට පත්වූ වීරවංශ මහතා මාර්තු 26 වන දින බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අතර පසුව ඊයේ දිනයේ කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබුණි.

(under the courtesy of adaderana news web)

Related posts

කතරගම කපුවන්ට නොදී ගිණුමට දැමූ සල්ලි වලින් පිලිකා රෝහලට මහ ගොඩනැගිල ඉදිකර අවසන්..

Shiran Viraj

‘කොරෝනා මල සිරුරුවලට ආගමික චාරිත‍්‍ර බෑ.. රටම මිනී වලට දාන්න බෑ..’ – ආදාහන-භූමදාන ප‍්‍රශ්ණයට මහින්ද අන්තිම තීන්දුව දෙයි..

Shiran Viraj

ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…

Shiran Viraj
Translate »