26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
NewsSportsSports News

ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි

බංගලාදේශ මහ මැතිවරණයට තරග වැදුණු වේග පන්දු යවන කී‍්‍රඩක මෂ්රෆී මොටාසා පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.

ඒ, ඔහු තරග වැදුණු ඡන්ද කොට්ඨාසවල සියයට 96 ක ප‍්‍රතිශතයක් ලබාගනිමින්.

බංග්ලාදේශ කණ්ඩායමේ මෂ්රෆී මොටාසා තවමත් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. කි‍්‍රයාකාරී කී‍්‍රඩකයෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

ඉදිරියේ පැවැත්වෙන බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියටද ඔහු කී‍්‍රඩා කිරීමට නියමිතව තිබෙනවා. ඉකුත්දා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයේදී ෂික් හසිනා සිව් වන වරටත් අග‍්‍රාමාත්‍යවරිය ලෙසට තේරී පත් වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි

Shiran Viraj

බෙදා හරින්න ඉන්ධන නෑ.. බවුසර පෝලිමේ.. ෂෙඩ් පෝලිම්ද දීර්ඝ වෙයි…

Shiran Viraj

අද සහ හෙට නිරිත දිගට වැස්ස වැඩියි

Shiran Viraj
Translate »