26.7 C
Colombo
2026-09-18
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේ

ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වි ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. ඒ, ඉකුත් වසරේ දී රුපියලේ සිදු වූ කඩා වැටීම සැලකිල්ලට ගනිමින්.

ඉකුත් 2018 වසරේ ජනවාරී 02 වැනිදා වනවිට අමෙරිකානු ඩොලරයක් සටහන් වුයේ රුපියල් 153.46ක් ලෙසයි. එහෙත් වසර අවසන් වනවිට එය දැක්වුණේ රුපියල් 184.63ක් ලෙසයි. ඒ අනුව ගත වූ වසරේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 19කින් පමණ අවප‍්‍රමාණය වී ඇති බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ. 

මෙම තත්ත්වය මේ වසරේදී රටේ ඉදිරි ආර්ථිකයට කෙතරම් බලපෑමක් සිදු කරන්නේදැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ නව වසරේදී ආණ්ඩුවේ ප‍්‍රමුඛ කාර්යය විය යුතු වන්නේ රුපියල ශක්තිමත් කර ගැනීම බවයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථාකාචාර්ය, ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ මේ බව පෙන්වා දුන්නා.

මෙම තත්වයෙන් බේරීමට නම් අපනයන සහ විදේශ ආයෝජන දිරිගැන්වීම අනිවාරයෙන්ම සිදු කළ යුත්තක් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය, ආර්. එච්. එස්. සමරතුංග ප‍්‍රකාශ කළේ ණය කළමනාකරණයට ප‍්‍රමුඛතාව දෙමින් මෙම වසරේදී මූල්‍ය විනයක් පවත්වාගෙන යා යුතු බවයි. මෙම අභියෝගාත්මක වසරේදී වියදම් කළමනාකරණය කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බවයි ලේකම්වරයා ප‍්‍රකාශ කළේ. ඉකුත් වසර කිහිපය තුළදී ක‍්‍රමයෙන් රාජ්‍ය ආදායම වැඩිවුවද ඊට සමානව රාජ්‍ය වියදම ද ඉහළ ගිය බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය, ආර්. එච්. එස්. සමරතුංග වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුණා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඖෂධ ටෙන්ඩර්වලට සෞඛ්‍ය ඇමැතිගේ බලපෑමක් නැහැ” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Shiran Viraj

අලියගෙන් ඉල්ලුව කියල අමුතු ඡන්දයක් ලැබුන්නෑ.. මං කී විදිහට කලානං මෙහෙම වෙන්නෑ..- රනිල්

Shiran Viraj

ශ්‍රී ලංකා 20/20 සංචිතය කොටස්‌ වශයෙන් ඔස්‌ටේ්‍රලියාවට

Shiran Viraj
Translate »