mediahumanrights.lk
International NewsNews

ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩව

තුර්කියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධ පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

අදාළ අනතුරේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇති බව එම වාර්තා අනුව හෙළිවී තිබේ.

පුද්ගලයින් නව දෙනෙකුට මරු කැදවමින් තුර්කියේ දී සිදුවූ දුම්රිය අනතුර සිදුව ඇත්තේ අධිවේගී දුම්රිය  සහ තවත් ලොකොමෝටිව් දුම්රියක් එකිනෙක ගැටීමෙන් බවට තුර්කි මාධ්‍ය අනාවරණය කර තිබේ.

අන්කාරා දුම්රිය පොල වෙත ඇතුලුවීමේදී අදාළ දුම්රිය දෙක එකිනෙක ගැටී ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් දුම්රිය දෙක එකම දුම්රිය මගක පැමිණියේද යන්න හෝ ඒවා කෙතරම් වේගයෙන් පැමිණ ඇතිද යන්න පැහැදිලි වී නැහැ.

කෙසේ වෙතත් එහි දී ගැටුනු එක් දුම්රියක් වන අන්කාරා- කොන්යෝ දුම්රිය සාමාන්‍යයෙන් අනතුර සිදුවූ දුම්රිය ස්ථානයේ නවත්වන්නේ නැති බවද මේ වාර්තාවල වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..

Shiran Viraj

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

Shiran Viraj

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනා

Shiran Viraj
Translate »