mediahumanrights.lk
International NewsNews

කෝලි සමඟ සටනට ඕස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්

සත් හැවිරිදි පුංචි Archie Schillerගේ නත්තල් ප්‍රාර්ථනාව සැබෑ කරමින් ඉන්දියාව සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ඔහුව නම් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

බොක්සින් දිනය හෙවත් නත්තලට පසු දින ඉන්දියාව සමඟින් ඉතා වැදගත් තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ඕස්ට්‍රේලියාව තරග වදින අතර එහි දී කුඩා ආර්චි ශිලර් (Archie Schiller) ටීම් පේන් සමඟින් සම නායකයින් ලෙස ඉන්දියාව මෙහෙයවීමට නියමිතයි.  

ලොව ටෙස්ට් වරම් දිනූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්ම ටෙස්ට් නායකයෙකු බවට පත් වූ ළාබාලතම ක්‍රීඩකයා ලෙසත් ආර්චි ඉතිහාසගත වනු ඇත.ඇඩිලේඩ් නුවර වාසය කරන ආර්චි දකුණතින් පා දඟපන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට එක්වන අතර සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලියොන් සමඟින් ඔහු පන්දු යැවීමට නියමිතයි.

ආර්චි සත්වැනි වියට පා තැබූ පසුගිය සෙනසුරාදා ඔහුට මේ ඇති විශේෂ සුභාරංචිය දැනුම් දුන්නේ ඕස්ට්‍රේලියානු නායක ටීම් පේන්.

ජස්ටින් ලැන්ගර් දුරකථන ඇමතුමකින් මේ මස මුලදී ඔහුව ඕස්ට්‍රේලියානු මූලික සංචිතය ඇතුළු කළ බව දැනුම් දුන් අතර ඇඩිලේඩ් ඕවල් පිටියේ දී ඔහු තමාගේ ක්‍රිකට් වීරයින් සමඟින් පුහුණු සැසියකට ද එක් වූයේ ඇසට මෙන්ම හිතට ද සංවේදී දසුන් ගෙන එමිනි.උපතෙන් මාස තුනකට පසුව දුර්වල හෘද තත්වයක් නිසා ඔහු රෝහල්ගත කෙරුණු අතර ප්‍රතිකාර සඳහා ඔහුට දකුණු ඕස්ට්‍රේලියාවේ Nuriootpa කරා යෑමට සිදු විය. එහි දී ඔහුට පැය හතකට අධික කාලයක් ගත වූ බරපතළ සැත්කමකට මුහුණ දීමට සිදු විය.    

මාස හයකට පසු නිර්භීත ආර්චි හදවතේ අස්ථාවර රිද්මය හා අස්ථාවර නාල නිවැරදි කිරීම සඳහා සිය දෙවන සැත්කමටත් මුහුණ දුන්නේය.

සිදු කළ සැත්කම් අසාර්ථක වන බව පෙනී ගිය හෙයින් පසුගිය දෙසැම්බර් මාසයේ දී ආර්චිට සිය තෙවන විවෘත හෘද සැත්කමට මුහුණ දීමට සිදු වූ අතර එය ඉතා භයානක සැත්කමක් වූයේ එහි වූ අවදානම් සහිත බව වූ නිසාවෙනි.  “අපිට කිව්වා ඒ සැත්කම සාර්ථක වෙන්න මෙන්ම අසාර්ථක වෙන්නත් පුළුවන් කියලා” ආර්චිගේ මව හඬ අවදි කර තිබුණා.

“අපි තේරුම් ගත්තා කිසිදෙයක් ස්ථිර නැහැයි කියලා, අපි ඔහුත් (ආර්චි) එක්ක ඉන්න සෑම මොහොතක්ම සතුටෙන් ගෙවනවා”

“ඔහුට වැඩිය පාසල් යන්නට ලැබුණේ නැහැ, ඒ නිසා ඔහුට වැඩිය යාළුවන් නැහැ, මොකද ඔබට එකවරක් මඟ හැරුනොත් පිතිකරණයේ දී මෙන්ම යළිත් දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ”

“එක් දිනක් ඔහු ගෙදර ඇවිත් කිව්වා මට මගේ යහළුවන් කොහෙවත් හොයාගන්න බැරි වුනා, මට ඔවුන් පසුපස දුවන්නට ශක්තියක් නැහැ, ඉතින් මම වාඩිවෙලා පොතක් කියෙව්වා” කියලා.

කෙසේ වෙතත් ආර්චිට හා ඔහුගේ මව සාරා, පියා ඩේමියන් හට මේ වසරේ නත්තල් සමය ඉතා වාසනාවන්ත වුනා.

“ආර්චි හා ඔහුගේ පවුලට ගත කරන්න වුණේ ඉතා අමාරු කාල සීමාවක්” ඕස්ට්‍රේලියානු නායක ටීම් පේන් අදහස් දක්වමින් පවසා තිබුණා.

“ඔහුගේ පියා ඇහුවාම ඔබ කවුරු වෙන්න ද කැමති කියලා, ඔහු පැවසුවා ‘මට ඕස්ට්‍රේලියාවේ නායකයා වෙන්න ඕන” කියලා.

“ඇතැම් වේලාවට අපේ ජීවිතය ඉතා හොඳයි, නමුත් ඇතැම් විට එම ජීවිතයම අපට බාධා කරන්න පුළුවන්, ඒ නිසා මෙවැනි අයෙක් අපි ළඟ ඉන්න එක අපිට බොහොම වැදගත් කරුණක් වේවි, අපිට දිරියක් වේවි”

“අපිට බොහොම සතුටුයි ඔහු අපි එක්ක ඉන්න එක ගැන, අපි බොහොම බලාපොරොත්තුවෙන් සිටිනවා බොක්සින් දිනයේ ඔහුගේ මංගල ටෙස්ට් තරගය බලන්න”

    (මූලාශ්‍රය cricket.com.au) 

Related posts

සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට

Shiran Viraj

කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කළ වාට්ටු සංකීර්ණය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත වේ

Shiran Viraj

හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

Shiran Viraj
Translate »