2026-09-05
mediahumanrights.lk
Local NewsNews

රෝගියෙක් බේරගන්න පිළිසරණක් වූ මෙහෙයුමක්

මාතර, ගන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්සිරි 04’නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ඒ අනුව පසුගිය ඔක්තෝබර් 05 වන දින හෘදයාබාධයක් ඇති වූ එම රෝගියාව රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කෙරුණි.

ඒ අතරතුර ඉන්දියාවට අයත් වෙළඳ නෞකාවක් වන VISWA VIJE නැමැති නෞකාව මඟින් එම රෝගි වූ ධීවරයා බහුදින ධිවර යාත්‍රාවෙන් රැගෙන ඇති අතර අනතුරුව එම රෝගියා පවුල් තුඩුවට නාවික සැතපුම් 07 ක් දුරකදි නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත භාර දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් එම රෝගියා ආරක්ෂාකාරී ලෙස ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය වෙත රැගෙන එනු ලැබූ අතර පසුව ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය, මහ රෝහල වෙත ඇතුලත් කෙරිණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පොහොට්ටුවට වෙන අපේක්‍ෂකයෙන් නෑ.. රනිල්ට සහාය දිය යුතුයි..

Shiran Viraj

දකුණත් දැඩි අවදානම්..! මීළඟ කොවිඞ් පොකුර පෞද්ගලික උපකාරක පන්තියකින්…

Shiran Viraj

නව පරපුර ගනුදෙනු කරන විදිය

Shiran Viraj
Translate »