2026-09-04
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ඉස්සර ආරාධ්‍යා පැපරාසීන්ට හරි බයයි

තරු දරුවන්ට මාධ්‍ය ඇස්වලින් සැගවී සිටීම පහසු නැත. අම්මා සහ තාත්තා වැඩිපුර ජනපි‍්‍රය වන විට දරුවන්ට ඇති ආකර්ෂණය ද වැඩි වන්නේය.

සමහර දරුවන් එයට බිය වෙන අතර සමහරු එයට හුරු වෙති.

අයිශ්වර්යා ගේත් අභිෂේක් බච්චන්ගේත් දියණිය වන ආරාධ්‍යා මේ අතර ප‍්‍රධානය.

මව්කුස පිළිසිද ගත් කාලයේ පටන්ම ඇයට මාධ්‍යවලින් ගැලවෙන්නට හැකි වූයේ නැත. ඇය ඉපදී වසරක් ගත වන තුරු ලෝකයට නිරාවරණය නොකරන්නට ඇගේ මව්පියෝ සමත් වූහ. එහෙත් එය හැමදාමත් කරන්නට හැකි වූයේ නැත. තමා යනයන තැන පැපරාසීන් ද පසුපස එන බැව් වටහා ගන්නට තරම් බුද්ධියක් දැන් ඇයට තිබේ.

‘‘ඉස්සර ආරාධ්‍යා පැපරාසීන්ට හරි බයයි.. ඒ හින්දම යන යන හැම තැනම ඇය වඩාගෙන යන්න මට සිද්ද වුණා.. ඒත් දැන් ඇය මේ තත්වය තේරුම් අරගෙන ඉන්නෙ.. හිනා වෙලා පොටෝ එකකට මූණ දෙන්න තරම් ඇය දැන් ශක්තිමත්..’’ අයිශ්වර්යා කියන්නීය.
(under the courtesy of hirunews.lk news web)

Related posts

කාබනික පොහොර ආනයනය කරන්නැයි පොහොර ආනයනකරුවන්ට කියයි..

Shiran Viraj

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

Shiran Viraj

හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..

Shiran Viraj
Translate »