28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

දිවා ආහාරය හූනෙකුගෙන් රස වෙයි-36ක් රෝහලට

මුලතිව්,වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන්ට ඊයේ (19) ලබාදුන් ආහාර විෂවීමකින් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහල්ගත කොට තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසූවේ මුලතිව්,තුනුක්කායි,වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ලබාදුන් දිවා ආහාරය ගැනීමෙන් පසු දරුවන් වෙත අසාත්මිකතා ඇතිවීමෙන් අනතුරුව ඔවුන් රෝහල්ගත කොට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම ප්‍රදේශවාසීන්ගෙන් විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ දරුවෙකු වෙත ලබාදුන් දිවා ආහාරය තුළ මියගිය හූනෙකුගේ ශරිර කොටස් තිබී ඇති බවයි.

අනතුරුව  විද්‍යාලයේ විදුහල්පති දරුවන්ට අසාත්මිකතා ඇතිවේයැයි බිය වි ආහාර ලබාගත් දරුවන් සියලුදෙනා රෝහල්ගත කොට ඇති බව ඔවුන් පවසා ඇත.

රෝහල්ගත කළ දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන අතර,දරුවන් පිරිසක් ඊයේ(19) දිනයේම ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් දරුවන් කිහිප දෙනෙකු තවදුරටත් රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සඳහන් වේ.

වාර්තාකරු පැවසුවේ විද්‍යාලයේ දරුවන් වෙත දිවා ආහාරය ලබාදුන් පුද්ගලයින්  සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කොට ඇති බවද ප්‍රදේශවාසින් පැවසු බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හැමතැනම රතු පාට වූවත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගැටලු නැහැ – ඇමති බිමල් රත්නායක

Shiran Viraj

හෙරොයින් ජාවාරම්කරුවෙකු මට්ටක්කුලියේදී කොටුවෙයි

Shiran Viraj

හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයි

Shiran Viraj
Translate »