2026-09-07
mediahumanrights.lk
NewsPolitical

මහින්ද හරිම මිත‍්‍රශීලීයි..රනිල් මුහුණවත් බලන්නේ නෑ.. අපටත් රනිල් ප‍්‍රශ්ණයක්-රන්ජන්

එජාප මන්ත‍්‍රීවරුන් වන තමනටද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ප්‍රශ්න ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව තමන් සමඟින් සිනා නොවන කතා නොකරන බවද සුහදතාවක් නැති බවද ඔහු කියා සිටී.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් දුටු සැනින් සිනාසෙමින්, වැළඳ ගනිමින් ඔවුන් සමගින් ඉතා සුහදව කටයුතු කරන්නේ යයිද පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ඉතා මිත්‍රශීලී අයෙක් යයිද මන්ත‍්‍රීවරයා පැවසුවේය.

අරලියගහ මන්දිරයේ දී වික‍්‍රමසිංහ මහතා ඉතා ලගින් ආශ්‍රය කලත් ගමේ උත්සවයකට පැමිණි අවස්ථාවල තමන් කිසිවිටෙක ඔහු අසළකටවත් නොයන්නේ නොහඳුනන ආකාරයෙන් අහක බලා යාම වික්‍රමසිංහ මහතාගේ පුරුද්ද නිසා යයිද ඔහු කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විසිදාහකින් පඩි වැඩි කරනු.. රාජ්‍ය සේවයේ මහා වර්ජනයක් කැදවති..

Shiran Viraj

දුම්පානය කරන්නන් ළඟින් සිටීමත් අවදානම්

Shiran Viraj

සියළු නායකයන්ට වඩා රනිල් ඉහළින්.. එතුමා කුණු බක්කියට දාන්න අපට බෑ..- ෆොන්සේකා

Shiran Viraj
Translate »