29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩුකරන්න බැහැ

ඉන්ධන මිල ඊයේ (15) මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කෙරුණ ද ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන් පවසනවා. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ වාහන අමතර කොටස්වල මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

ඉන්ධන මිල අඩු කිරීම සැලකිල්ලට ගෙන බස් ගාස්තු අඩු කළ හැකිදැයි සාකච්ඡා කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ විධායක කමිටුව ද අද පෙරවරුවේ රැස් වුණා. ඔවුන් ද මෙම අවස්ථාවේ බස් ගාස්තු අඩු කළ නොහැකි බව තීරණය කළ බව ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් පවසනවා.

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඞීසල් හා පෙට‍්‍රල් මිල ලීටරයක් රුපියල් 5කින් අඩු කෙරුණා. ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අනුව තමන්ද  ඉන්ධන මිල අඩු කළ බවයි ලංකා අයි  ඕ සී සමාගම පැවසුවේ.
ඉකුත් නොවැම්බර් මස පළමු වනදා ද ඉන්ධන මිල අඩු කෙරුණු අතර එවර බස් ගාස්තු සියයට 02කින් අඩු කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක වෙබ් අඩවි සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දෙයි

Shiran Viraj

දැඩි ඉස්ලාමිය නිතිය යටතේ පැවති ‘සෞදිය’ අලුත් වෙයි

Shiran Viraj

‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…

Shiran Viraj
Translate »