28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
NewsPolitical

මං ගැන බොරු කියන්න එපා

තමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාල වෙබ් අඩවි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හෙලා දකින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අතිශය වැදගත් කටයුත්තක් වෙනුවෙන් තමන් මේ වන විට විදෙස්ගතව සිටින අතර එක්සත් ජාතික පක්ෂය ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සහෝදර මන්ත්‍රීරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ලසන්ත අලගියවන්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

තම දේශපාලන ජීවිතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂ සාමාජිකත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැපකර ඇති අතර වර්තමානයේත් අනාගතයේත් නිදහස් පක්ෂය සහ එහි නායකයා සමඟ රටේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කරන බව මන්ත්‍රීවරයා නිකුත් කල නිවේදනයේ සඳහන්.
(under the courtesy of adaderana.lk news web)

Related posts

වසර 500 ක් පැරණි කයිට්ස් ලන්දේසි කොටුව සංරක්ෂණය ඇරඹෙයි

Shiran Viraj

අද සහ හෙට නිරිත දිගට වැස්ස වැඩියි

Shiran Viraj

සම්බුදු තෙමගුල සිදුවූ උතුම් වෙසක් මංගල්‍යය අදයි

Shiran Viraj
Translate »