mediahumanrights.lk
Local News News

අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර උතුරු පළාත හරහා හමන පැ.කි.මී. 50 ක පමණ වන තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

මේ අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිටියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ත්‍රිරෝද රථ ලියාපදිංචිය අඩුවීමක්-පොදු ප්‍රවාහනයේ සීඝ්‍ර වර්ධනයක්

Shiran Viraj

තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි….

Shiran Viraj

මං රහතන් වහන්සේ නමක්.. ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමි

Shiran Viraj