2026-07-03
mediahumanrights.lk
Local NewsNews

රුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයි

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ  වෙළඳ සැලේ සේවකයකුගේ ත්‍රි රෝද රථයක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරා ගන්නා අයුරු මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරවක සටහන්ව තිබුණි.

ඊයේ(30) මෙම ත්‍රීරෝද රථය පැහැරගෙන ගොස් ඇත.

එලෙස පැහැරගත් ත්‍රීරෝද රථය අමතර කොටස් සඳහා මාළිගාවත්ත ප්‍රදේශයේ යකඩ බඩු විකුණ ස්ථානයක් වෙත රුපියල් 10000ක මුදලකට අලෙවි කළ ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

සී.සී.ටී.වී කැමරවේ සටහන් ව තිබූ දර්ශ අනුව පරික්ෂණ ආරම්භ කළ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සිටි පොලිස් නිලධාරීන් හා එහි කළමණාකරීත්වය අදාළ සැකකරුව අත්අඩංගුව ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 27 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයා මත්කුඩු සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අද(01) අළුත්කඩේ මහේත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

 

Related posts

ඉදිරියේදී නඩු භාණ්ඩවලට වෙන දේ මෙන්න

Shiran Viraj

කොළඹ සිට එමිරේට්ස් ස්කයිකාර්ගෝ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය මැයි 11 සිට කාලසටහනකට අනුව

Shiran Viraj

කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…

Shiran Viraj
Translate »