26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

ජනතාවට පණිවුඩයක් තබමින් ‘ආවා කල්ලිය’ අත්පත්‍රිකා දමා ගිහින්

වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක ඊයේ (01) ජනතාවට පණිවුඩයක් තබමින් අත්පත්‍රිකා දමා ගොස් තිබෙනවා.

ආවා කල්ලිය නමින් සඳහන් කරමින් මෙම අත්පත්‍රිකා තැන තැන දමා ගොස් ඇති බවයි වව්නියාව ආරක්ෂක අංශ පවසන්නේ.

වව්නියාව ආරක්ෂක අංශ වැඩි දුරටත් පැවසුවේ වව්නියාව කුරුමන්කාඩුව, වෛරවපුලියන්කුලම, දුම්රියපොළ පාර, නුවර පාර ආදී ස්ථානවල අදාළ අත්පත්‍රිකා දමා ගොස් තිබූ බවයි.

මුහුණ වසා ගනිමින් පිහියක් අතින් ගත් පුද්ගලයෙකුගේ රුව ඇතිව ‘ආවා’ නමින් සඳහන් ඡායාරූපයකින් යුතුව අදාළ අත්පත්‍රිකාව සකස් කොට තිබූ බවද ආරක්ෂක අංශ පැවසුවා.

“අපි ජනතාවගේ ගැටළු වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා. අපි ජනතාවගේ විරෝධීන් නොවෙමු. ඕනෑම අවස්ථාවක වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම අපේ පිරිස් සිටිනවා.” යනුවෙන් අදාළ අත්පත්‍රිකාවේ සඳහන්ව පවතින බවයි වාර්තා වෙන්නේ.

අදාළ අත්පත්‍රිකා බෙදා හැර තිබු කණ්ඩායම් සොයා පරීක්ෂණ මෙහෙයවන බවද වව්නියාව පොලිසිය පැවසුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරියාව න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් – දෙපාර්ශවය ශපථ කරයි

Shiran Viraj

e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසර

Shiran Viraj

ලක්ෂ 21කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 2ක් අල්ලයි

Shiran Viraj
Translate »