31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
BusinessBusiness NewsNews

අයිස් මිල ඉහළට

නිෂ්පාදිත පිරිවැය වැඩිවීම නිසා ධීවරයන් භාවිතා කරනු ලබන අයිස් හොන්ඩරයක් සඳහා වන මිල ඉදිරියේ දී රුපියල් 30 කින් ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දහම් පුස්සැල්ල මහතා පැවසීය.

වර්තමානය වන විට අයිස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගෑස්,ඇමෝනියම්,ප්‍රවාහනය සඳහා වන ඩීසල් වතුර බිල්,විදුලි බිල් සහ සේවක වැටුප් වැඩිවීම නිසා අයිස් හොන්ඩරයක මිල ඉහළ දමන බවයි.

මෙම මිල ඉහළ දැමීම සිදුකරනු ලබන්නේ ලාභ ලැබීම පිණිස නොව අයිස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා යැයි ද සාමාන්‍යාධිකාරීවරයා කීය.

ධීවර සංස්ථාව සතුව තිබෙන අයිස් නිෂ්පාදන කර්මාන්තශාලා ගාල්ල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පිහිටුවා ඇති බවද එම කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරනු ලබන අයිස් හොන්ඩර එම කර්මාන්තශාලාව තුළට අලෙවි කරන බවද පුස්සැල්ල මහතා සඳහන් කළේය.

ධීවර සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන අයිස් හොන්ඩර අනුමත බර වන කිලෝ 50 ක බරට වඩා කිලෝ ග්‍රෑම් 8 කින් වැඩි බවද ධීවර සංස්ථාව ලෙස හැම විටම ධීවරයාට සහන සැලසීම වෙනුවෙන් පෙනී සිටින බවද දහම් පුස්සැල්ල මහතා කීය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Shiran Viraj

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..

Shiran Viraj

අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

Shiran Viraj
Translate »