mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ කාලගුණයත් නපුරු වෙයි.

මධ්‍යම ඌව සබරගමුව බස්නාහිර දකුණ සහ වයඹ යන පළාත් වලට එලෙස වැසි ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ වැසි අධික කාලගුණ තත්වය ලබන 3 වනදා තෙක් අපේක්ෂා කෙරෙන බවයි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුලං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු වලක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ පවතින වැසි සහිත කාලගුණයත් සමග කදුකර ප‍්‍රදේශවල නායයෑම් අවදානමක් පවතින බවයි. ඒ හේතුවෙන් එම ප‍්‍රදේශ වල ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවිය යුතු වනවා.
මේ අතර අද පස්වරුවේ ඇද හැලූනු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගය හැටන් මල්ලිඅප්පුව ප‍්‍රදේශයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගය හරහා සිදු වන වාහන ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි සියත හැටන් වාර්තාකරු සදහන් කලේ. ගත වූ පැය 24 තුල දිවයිනේ වැඩිම වර්ෂාපතනය කුකුලේගග ප‍්‍රදේශයෙන් වාර්තා වන අතර එය දැක්වෙන්නේ මිලිමීටර 137 ක් ලෙසයි.

(under the courtesy of siyathafm.lk news web)

Related posts

දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්

Shiran Viraj

ජී.එල්ටත් නීතිය උගන්වන්න සූදානම් වන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් සිරිකොතට එන ලෙසට ඒකාබද්ධ විපක්ෂයට ඇරයුමක්

Shiran Viraj

බංකොලොත් ලේබලය අපේ ආණ්ඩුවෙන් ඉවත් කලා..- මාලිමා මන්ත‍්‍රී

Shiran Viraj
Translate »