mediahumanrights.lk
Local NewsNews

අගවිනිසුරුවරයා විශ්‍රාම යයි

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද(12) විශ්‍රාම ගැනීමට නියමිතව ඇති අතර මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 02 වන දිනයි.
ප්‍රියසාද් ඩෙප් මහතා අධිකරණ සේවය තුළ වසර හතලියකට වැඩි කාලයක් සේවයේ යෙදී තිබේ.
1978 වසරේ රජයේ අධිනීතිඥයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇති අගවිනිසුරුවරයා  1989 වසරේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නතතුරට පත්ව තිබේ.
පසුව 1996 වසරේ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් පදවියට පත් ප්‍රියසාද් ඩෙප් මහතා 2007 වසරේ රජයේ සොලිසිටර් ජනරාල් ධුරයට උසස්විමක් ලබා ඇති බව සඳහන්ය.
ඔහු 2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් වුණි.
මේ අතර අද නව අගවිනිසුරුවරයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලක්ෂ 21කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 2ක් අල්ලයි

Shiran Viraj

අගමැති එජාපයේ මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි – එජාප මන්ත්‍රීන්ගෙන් අගමැතිට විශේෂ ඉල්ලීමක්

Shiran Viraj

QR බිද වැටෙයි…

Shiran Viraj
Translate »