30.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsSportsSports News

“ඕෆ් සීසන් සැපද? ඕවර 35න් දකුණු අප්‍රිකාවම ඉවරයි” සිංහ පැටවුන් නැවතත් වැඩ පෙන්ව‍යි! (PHOTOS)

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 124කට සියලු දෙනා දැවි ගියා. දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු දහයම දවා ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණියට ගත වූයේ පන්දු වාර 34ක් සහ පන්දු පහක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායක ඩූ ප්ලෙසි ලකුණු 48 රැස් කළා. සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ. ශ්‍රී ලංකාව වෙනුවෙන් අකිල ධණංජය කඩුලු පහක් දවා ගත්තා.දිල්රුවන් පෙරේරා කඩුලු තුනයි. රංගන හේරත් එක කඩුල්ලක් දවා ගත්තා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 214ක් ඉදිරියෙන් සිටියද නැවතත් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් තීරණය කළා. අවශ්‍ය නම් ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාවට පිට පිට දෙවන වතාවටත් පන්දුවට පහර දීමේ අවස්තාව ලබා දීමට තිබුනා. එසේ නම් මෙම තරගය ඉනිමකින් ජය ගැනීමේ අවස්තාවක්ද ශ්‍රී ලංකාවට තිබුනා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි රටේම ජනතාව ඉල්ලනවා.. 2015ට කලින් සේ යලි කරන්නලු..

Shiran Viraj

අනුර කියන්නෙම මෝඩ කතා.. ඒ වගේ මෝඩයෝ රට පිළිගන්නෑ..

Shiran Viraj

විජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..

Shiran Viraj
Translate »