mediahumanrights.lk
Local NewsNews

ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණයට

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
 
දොඩම්දුව ශෛලබිම්බාරාමය, කපුමුල්ල ශ්‍රි ඝනානන්දාරාමය, කතළුව පුර්වාරාමය, කළුවැල්ල වර්ධනාරාමවිහාරය සහ කතළුව පුර්වාරාමවිහාරයේ බිතුසිතුවම් මෙම වැඩසටහන යටතේ සංරක්ෂණය කෙරේ.
 
මෙම වසර අවසන් විමට පෙර මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය නිම කිරිමට නියමිතය. විහාරස්ථාන සංරක්ෂණය සඳහා රුපියල් ලක්ෂ 87ක මුදලක් වෙන් කර ඇති අතර, බිතු සිතුවම් සංරක්ෂණය සඳහා රුපියල් ලක්ෂ 17ක මුල්‍ය ප්‍රතිපාදන යොදවා ඇත.
 
 
මෙයට අමතරව,සසුනෝදය ජාතික වැඩසටහන යටතේ 2017/2018 වර්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආගමික සිද්ධස්ථාන සංවර්ධනය සහ සංරක්ෂනය කිරිමට රුපියල් ලක්ෂ 05 බැගින් විහාරස්ථාන 18ක් සඳහා ප්‍රතිපාදන
මේ වන විටත් නිදහස් කර ඇති බව පසුගිය දා ගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි සඳහන් විය.
 
එමෙන්ම මෙම වැඩසටහනේම දෙවන අදියර වශයෙන් 2018 වසරේ විහාරස්ථාන 25ක ස්ථානිය පරික්ෂාවකින් පසු පුරා විද්‍යා වාර්තා සකස්කර නිර්දේශයන් ලබා දි මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනිමට අරමුදල වෙත මේ වන විට ඉදිරිපත් කර ඇත.  ගාල්ල කෞතුකාරය සංවර්ධනය කරමින් වැඩි සංචාරක ආකර්ෂණයක් සහ අධ්‍යාපනික ප්‍රවර්ධනය අපෙක්ෂාවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් ලක්ෂ 12ක මුදලක් වෙන් කර ඇත.

(under the courtesy of news.lk news web)

Related posts

පාස්කු කොමිසමේ සාක්‍ෂි පටිගත කළ මවුලවිවරයෙකුගෙන් පොලීසිය ප‍්‍රශ්න කරයි

Shiran Viraj

ඊසාන දිග මෝසම් පෙර සූදානම: උතුරු පළාතට සාමාන්‍යයට වඩා වැඩි වැසි; නාය යෑමේ අවදානම ඉහළට

Shiran Viraj

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Shiran Viraj
Translate »