mediahumanrights.lk
NewsSportsSports News

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන චන්දිමාල් පිළිතුරු දෙයි

ශ‍්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගයේ දී නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කර නැතැයි වාර්තා වනවා.

චන්දිමාල් ද පවසා ඇත්තේ තමන් පන්දුව පළුදු නොකළ බවයි.

තරගයේ 03 වන දිනයේදී පන්දුව මාරු කිරීමට ගිය අවස්ථාවේදී එහි තත්ත්වය පිළිබඳ ඇති වූ මතභේදාත්මක සිද්ධියත් සමග ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් පිටියට පිවිසීම පවා ප‍්‍රතික්ෂේප කළා.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය එම සිද්ධිය පාදක කරගනිමින් පන්දුවේ ස්වභාවය මත චන්දිමාල්ට ඊයේ (17) චෝදනා එල්ල කළා. ඒ, තරගයේදී ලබාගත් වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් චන්දිමාල්ට එරෙහිව කිසියම් පියවරක් ගන්නේදැයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ.

මේ අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිව්වන දිනය ඊයේ නිමා වුයේ කොදෙව්වන්ට වඩා තවත් කඩුලූ දෙකක් අතැතිව ලකුණු 287ක් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්.

දෙවන ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකාව කඩුලූ 08කට ලකුණු 334ක් රැස්කරගෙන සිටියා. කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 62ක් රැස් කළා.
තරගයේ අවසන් දිනය අදයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා තවත් ඉහල නගී..

Shiran Viraj

ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?

Shiran Viraj

මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..

Shiran Viraj
Translate »