29.6 C
Colombo
2026-10-08
mediahumanrights.lk
International NewsNews

සල්මන් ඛාන් සිපිරි ගෙදරට යැවු විනිසුරුට ස්ථාන මාරුවක්

1998 වසරේදී කළු මුවන් දෙදෙනෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරු වී වසර  පහක සිර දඩුවම් නියමවූ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් හට නඩු තීන්දුව ප්‍රකාශයට පත් කල දේව් කුමාර් ෂෙට්ටි නම් විනිසුරුවරයාට ස්ථාන මාරුවීමක් ලබා දී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
සල්මන් ඛාන් තවදුරටත් ජෝදාපුර් බන්ධානාගාරයේ ගත කල යුතුද? නැත්නම් ඔහුට ඇප ලබාදිය යුතුද යන්න පිළිබඳව විමසා බැලීම සඳහා විභාග කිරීමට සුදානම් වන නඩු වාරයේ මුලාසනය හෙබවීමට නියමිතව සිටි රවින්ද්‍ර කුමාර් ජෝෂි නම් විනිසුරුවරයා හටද මෙලෙස ස්ථාන මාරුවීම් ලැබී තිබෙනවා.
රාජස්ථාන් මහාධිකරණය විසින් ස්ථාන මාරු කර ඇති අධිකරණ නිලධාරීන් 87 දෙනා අතරට මෙම විනිසුරුවරුන් දෙදෙනාද ඇතුලත් වන අතර  සෑම වසරකම අප්‍රේල් මස 15 සිට 30 වනදා දක්වා වන කාල සීමාව තුල මහාධිකරණයේ පිහිටුවන කමිටුවක් මගින් ලබා දෙන නිර්දේශ අනුව රාජාස්ථානයේ විනිසුරුවන් හට සේවා මාරුවීම් ලබාදීම සිදු කරනු ලබනවා.
සල්මන් ඛාන් ගේ ඇප අයැදුම සලකා බැලීම අද (07) දිනයේදී සිදුකිරීමට නියමිතයි.

Related posts

වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදෙස් නිසා ඉන්දියාව දුන් කොරෝනා එන්නතෙන් කොටසක් අපතේ

Shiran Viraj

අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයි

Shiran Viraj

කොරෝනා සමාජ පැතිරීමක..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

Shiran Viraj
Translate »