28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsSportsSports News

දේශපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරනවා – මුරලි

දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.
ඉන්දියාවේ ‘ද ඉකොනොමික්ස් ටයිම්ස්’ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ඊයේ (17දා) පවසා තිබේ.
එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා ඇත.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අවුල් ජාලාවක තිබෙන්නේ. දේශපාලකයන් ක්‍රීඩාව පාලනය කිරීමට පටන් අරගෙන තිබෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවම දැනුමක් සහිතව හෝ දැනුමක් නොමැති මේ අය ගතවන සෑම දිනයකම එය විනාශ කරමින් තිබෙනවා. ක්‍රිකට් කියන්නේ විශ්වාසයයි. ක්‍රීඩකයන්ට දක්ෂතා දැක්වීමට විශ්වාසයක් ගොඩ නැගිය යුතුයි.
ශ්‍රී ලංකා වර්ණ ඇඳුම අඳින විට ඔවුන්ට ගෞරවයක් ඇති විය යුතුයි. මම දිනකින් හොඳ පන්දු යවන්නෙක් වුණේ නෑ. අවුරුදු 4-5ක් අර්ජුන මට විශ්වාසය දුන්නා. දැන් පිතිකරුවන් පන්දුවට පහරදීමට යන විට කියන්නේ ඔබ ලකුණු රැස්කළ යුතුයි නැති නම් අපි ඔබව බංකුවේ තබනවා කියලා. පන්දු යවන්නන්ටත් මේ දේමයි.
හැම අංශයකින්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 60ක් පමණ අත්හදා බලා තිබෙනවා. අවුරුද්දකට ක්‍රීඩකයන් 60? මෙය අතාර්කිකයි. මෙයින් පේනවා දැක්මක් නැතිකම. සෑම අවස්ථාවකම සිදුකරන වෙනස්වීම්වලින් අනාගතයේදී ක්‍රීඩාව වෙනස් වෙනවා.”
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

කොරියාවේදී තරුණියක් දූෂණය කර මරා දැමූ බව කියන ලාංකිකයින් තිදෙනා ගැන කොටුව මහේස්ත්‍රාත් දුන් තීන්දුව

Shiran Viraj

ගිණි අවියක් ගෙන විරෝධතාවයක් කළ පොලිස් නිලධාරියාට ඇප

Shiran Viraj

ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් 5ට නිදහස් කුසලානය අහිමි වෙයි

Shiran Viraj
Translate »