2026-07-04
mediahumanrights.lk
LIFELIFE NEWSNews

අලිගැටපේර, ඔලිව්තෙල්වල අඩංගු ශාක තෙල් ආයු කාලය දීර්ඝ කරන බව හෙළිවේ

සත්ත්ව මේදය සහිත ආහාරවලින් ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණය සියයට 2 ත් 5 ත් අතර ප්‍රතිශතයකින් කපා හැර ඒ වෙනුවට ශාකමය තෙල් සහිත ආහාර ලබා ගැනීමෙන් ආයු කාලය සියයට 10 ත් 15ත් අතර ප්‍රතිශතයකින් වර්ධනය කර ගත හැකි බව මෙහිදී හෙළි වී තිබේ.
 සත්ත්ව තෙල් වෙනුවට ශාක තෙල් ආහාරයට එක්‌ කර ගැනීමෙන් අඩු වයසින් මිය යැමේ තත්ත්වය සියයට 24 සිට 26 දක්‌වා වූ ප්‍රමාණයකින් අඩු කරගෙන ජීවිත කාලය දීර්ඝ කර ගත හැකි බව ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
 පුද්ගලයකු රෝගාබාධවලට ලක්‌ව කලින් මිය යැමේ තත්ත්වය අලිගැටපේර හා ඔලිව් තෙල් වැනි ශාකමය තෙල් අන්තර්ගත දැ ආහාරයට ගැනීමෙන් සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කරගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
 ශාකමය ආහාර වර්ගවල බහුලව අන්තර්ගත මොනෝ සංතෘප්ත මේදයන් කලින් මිය යැමේ තත්ත්වය සියයට 16කින් කපා හරින බව පවසන හාවඩ් විශ්වවිද්‍යාලයීය පර්යේෂකයෝ මෙම අධ්‍යයනයේදී අප ගන්නා ආහාර වර්ග හා ආයු කාලය දීර්ඝ වීම අතර සම්බන්ධතාවයක්‌ පවතින බව අනාවරණය කර ගත් බව ස`දහන් කර සිටිති.
 මෙම අධ්‍යයනයේදී වසර 22 ක කාලයක්‌ මේ සම්බන්ධව සිදුකරන ලද පර්යේෂණයන් විශ්ලේෂණය කර ඇති අතර මිනිසාගේ ආයු කාලය දීර්ඝ කිරීමට කුමන ආකාරයේ තෙල් අඩංගු ආහාර බලපාන්නේද යන්න හ`දුනා ගත හැකිව තිබේ.
 මෙහිදී පර්යේෂකයෝ කාන්තාවන් හා පිරිමින් 93,000කගේ දත්තයන් එක්‌ රැස්‌ කරගෙන තිබේ. මෙහිදී සත්ත්ව තෙල් අඩංගු රතු මස්‌, මාළු, බිත්තර හා සම්පූර්ණ යොදය සහිත කිරි හා ශාකමය තෙල් සහිත මොනෝ සංතෘප්ත මේදය අඩංගු ආහාර වර්ග වන අලිගැටපේර, ධාන්‍ය ඇට වර්ග, පීනට්‌ බටර්, ඔලිව් හා සෙසමි තෙල් එකිනෙකට සංසන්දනය කර ඇත.
 සත්ත්ව මේදය සහිත ආහාරවලින් ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණය සියයට 2 ත් 5 ත් අතර ප්‍රතිශතයකින් කපා හැර ඒ වෙනුවට ශාකමය තෙල් සහිත ආහාර ලබා ගැනීමෙන් ආයු කාලය සියයට 10 ත් 15ත් අතර ප්‍රතිශතයකින් වර්ධනය කර ගත හැකි බව මෙහිදී හෙළි වී තිබේ.

Related posts

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

Shiran Viraj

ඉන්දියාවේ අලෙවිය තහනම් වාහන පිටරට පැටවීමේ සැලසුමක්

Shiran Viraj

සභාවල බලය පිහිටුවන්න රනිල්-සජිත් එක්වෙති…

Shiran Viraj
Translate »