2026-09-07
mediahumanrights.lk
Local NewsNews

අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර , වයඹ සහ දකුණු වෙරළබල ප්‍රදේශවලට අද (29) උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මිලිමීටර් 75 ඉක්මවා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 75ට වැඩි අඛණ්ඩ වර්ෂාපතනයක් පැවතියහොත් ප්‍රදේශ කිහිපයක නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර දිස්ත්රි‍ක්කයේ රත්නපුර, ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සමාජ ජාල නියාමයන කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

Shiran Viraj

අපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..

Shiran Viraj

බුදු දහමට අපහාස කරන භික්ෂුන්ට කෝටි ගණනින් විදේශ රටවලින් මුදල්…

Shiran Viraj
Translate »