31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

වායුගෝලයේ කැළඹිලි සොභාවයක් – වැසි තත්වයේ වර්ධනයක්

දිවයිනට ආශ්‍රිතව ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාව හේතුවෙන් වැසි තත්වයේ වැඩි වීමක් අද (07) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තනමේන්තුව සඳහන් කරනවා.
දකුණ, ඌව, නැගෙනහිර, සබරගමුව පළාත් වලටත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන් වලට අද දිනයේ වැසි ඇති වන අතර සමහර ස්ථාන වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරනවා.
විශේෂයෙන් නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු මුහුදු ප්‍රදේශවල හා මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනු ලබනවා.
සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 ත් අතර ගන්නා අතර ඒ හේතුවෙන් ඉහත මුහුදු කලාපයන් රළු සොභාවයක් ගන්නා අතර ධිවර හා නාවික ප්‍රජාවට මේ නිසා සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඩොලර් මිලියන 23.57ක මහ කන්නයේ යූරියා ටෙන්ඩරය JAT ට

Shiran Viraj

හරීන් ගොස් රනිල් හමුවේ.. යලි එක්වෙන්න එකග වේ..

Shiran Viraj

පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උවමනාව කිරිඇල්ල කියයි

Shiran Viraj
Translate »