mediahumanrights.lk
NewsSportsSports News

කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 6ක ජයක්

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(08) පැවැති තවත් තරඟයකින් කඩුලු 6ක ජයක් හිමිකර ගැනිමට කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්ව තිබේ.
ඒ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට ලබා දුන්නේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් බිදවැටී ලකුණු 166ක් ලබා ගත්තාය.
එහිදී ගෞතම් ගාම්භීර් ලකුණු 55ක් ලබා ගැනිමට සමත් විය.
ජයග්‍රාහි ඉලක්කය හඹාගිය පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ කඩුලු 04ක් බිදවැටී ලකුණු 167ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්

Shiran Viraj

රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියට

Shiran Viraj

අලි ඝාතනයට මරණ දඬුවම – පූජ්‍ය රාහුල හිමි රජයට දැඩි චෝදනා නගයි

Shiran Viraj
Translate »