27.8 C
Colombo
2026-08-24
mediahumanrights.lk
Local NewsNews

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක්‌ විමසලා; කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

මාකෙළිඇල්ල පොලිස්‌ මුරපළේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක යූ. අමරසිංහ මහතා ප්‍රදේශයේ කැටපොළක දබරයක්‌ ඇති බවට ලද තොරතුරකට අනුව එහි ගිය අවස්‌ථාවේදී එහි සිටි පිරිසක්‌ වටකරගෙන පහරදී ඇති අතර බදුරලිය රෝහලට ඇතුළත් කළ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ මහ රෝහලට මාරු කර එවා තිබේ.
පහර කෑමට ලක්‌වූ උප පොලිස්‌ පරීක්‌ෂකවරයා තවත් පොලිස්‌ නිලධාරියෙකු සමඟ එහි ගොස්‌ ඇත්තේ පොලිස්‌ හදිසි ඇමැතුම් ඒකකයට (119) ලද තොරතුරක්‌ අනුවය.
අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි එහි සිටි කාන්තාවක්‌ විමසා ඇති අතර අවුරුද්දට හෝ වෙසක්‌ උත්සවයට කියා සූදුවට නීතියේ වෙනසක්‌ නැතැයි උප පොලිස්‌ පරීක්‌ෂකවරයා මෙහිදී පිළිතුරු දී තිබේ.
එම අවස්‌ථාවේදී සමග බීමතින් සිටි පිරිස උප පොලිස්‌ පරීක්‌ෂකවරයා වට කරගෙන අතින් පයින් හා පොලු වලින් පහරදී තිබේ.
උප පොලිස්‌ පරීක්‌ෂකවරයා විසින් ගෙන ගිය බැටන් පොල්ලද කළහකාරීන් විසින් උදුරාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙරේදා 16දා මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර තවත් සැකකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

පොළියට තට්ටු කරන අයට විරුද්ධව මහින්ද නැඟිටියි

Shiran Viraj

හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

Shiran Viraj

වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..

Shiran Viraj
Translate »