28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
NewsPolitical

මහින්ද-කරු තවත් හමුවක

කථානායක කරූ ජයසූරිය මහතා හා මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවීමක් අද(16)පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී හමුවී තිබේ.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උපරිමයෙන් කැපවී කටයුතු කළ මැතිවරණ කොමිසන්  සභාව, මැතිවරණ දෙපාර්තමේන්තුව ඇතුළු ඒ සමඟ ඒකාබද්ධව කටයුතු කළ සියලු රාජ්‍ය නිළධාරීන්ට එහිදී කථානායකවරයා සිය ස්තූතිය පළ කර ඇත.
තම කාර්ය භාරය කුමක්ද යන්න අවබෝධයෙන් යුතුව සෑම විටම ශක්තිය ලබාදීම පිළිබඳව ස්තූතිය පලකල මහින්ද දේශප්‍රිය මහතා පැවසූවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලියේ දී ප්‍රාදේශීය වශයෙන් මැතිවරණ ප්‍රතිඵල අදාල ප්‍රදේශවලට නිකුත් කල නමුත්, මාධ්‍ය මඟින්  නිල ප්‍රතිඵල නිකුත් කිරිමේ දී පරිඝණක පද්ධතියේ දෝශ නිසා ඇති වූ  ප්‍රමාදයන් පිළිබඳව කණගාටු වන බවයි.
නව මැතිවරණ ක්‍රමයේ පළමු අත්හදා බැලීම මෙය වන  බැවින්, සුළු සුළු ප්‍රමාදයන් සිදු වුවත්, සමස්ථ ක්‍රියාවලියට හෝ නිදහස් හා සාධාරණ මැතිවරණයකට එය බාදාවක් නොවූ බව ද කථානායකවරයා පැවසීය.
මෙහිදී විශේෂයෙන්ම 25% කාන්තා නියෝජනය තහවුරු කිරිමේදී මතුව  ඇති ප්‍රයෝගික ගැටළු කිහිපයක් පෙන්වා දුන් අතර, අවශ්‍යතාවයක් ඇති වුවහොත්, ඇතැම් සභාවන් වල කාන්තා නියෝජනය  25 %  සීමාව පිළිබඳව යම් සංශෝධනයක් කිරිමට සිදුවන බවද මහින්ද දේශප්‍රිය මහතා  සඳහන් කළේය.
එලබෙන සතියේ  දී පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙම කරුණු වාර්තා කරන ලෙසද, ඒ මෙන්ම, මැතිවරණ ක්‍රියාවලියේ දී ඇතිවන අඩුපාඩු අවම කරගැනීමට අදාල මැතිවරණ කොමිසන් සභාවේ වාර්තාවක්ද  එදින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කරන ලෙසද, ගරු කථානායකතුමා දැන්විය.
නව පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන දිනය පිළිඳබදව කථානායකවරයා විමසා සිටි අතර, මාර්තු මාසය ඇතුළත නව ආයතන ස්ථාපිත වනු ඇති බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
එමෙන්ම මිට අදාළව සිදුවිය යුතුව සංශෝධන පිළිබදව ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.
අනාගතයේ මැතිවරණ සඳහා විද්‍යුත් ක්‍රමයක් යොදා ගැනීම පිළිබඳව ක්‍රියාවලිය අධ්‍යයනය කරන ලෙසද  මෙහිදී  කථානායකවරයා ඉල්ලා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා රෝගීන් ගණන 1048 දක්වා ඉහලට

Shiran Viraj

දිනක් තුළ කොරෝනා මරණ 2000 ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයි

Shiran Viraj

මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මියයයි

Shiran Viraj
Translate »