2026-09-25
mediahumanrights.lk
Local NewsNews

ජයග්‍රහණයේ සතුටට අමුතු වැඩක් කළ පොහොට්ටු අපේක්ෂකයෙක්

මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වැදි අපේක්ෂකයෙකු තම ජයග්‍රහණයේ සතුට වෙනස් ආකාරයෙන් සැමරූ බව අද දෙරණට වාර්තා විය.
ඒ අනෙකුත් අපේක්ෂකයින් රතිඤ්ඤා පත්තු කරමින් විදිවලට බැස ජය ඝෝෂා නගන විට ඔහු තම ආධාරකරුවන් සමඟ මතුගම නගරය පිරිසිදු කර තිබේ.
ලලිත් රණසිංහ නැමති මෙම අපේක්ෂකයා මතුගම නගරයේ කුරුල්ලන්ගේ වසුරු නිසා අපවිත්‍ර වී ඇති ස්ථානයන් සියල්ල සොදා පිරිසිදු කර ඇත.
ඒ සඳහා ඔහුට ආධාරකරුවන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ ද සහය හිමි වී තිබේ.
මෙම අපේක්ෂකයා ප්‍රාදේශීය සභාවට පත්වීමෙන් අනතුරුව දිගින් දිගටම ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…

Shiran Viraj

ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..

Shiran Viraj

2025 දෙසැම්බර් මාසයේ කොළඹ පාරිභෝගික උද්ධමනය 2.1% ක් ලෙස ස්ථාවරව පවතී

Shiran Viraj
Translate »