26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
NewsPolitical

කලින් ආණ්ඩුව විසිරවීම සිහිනයක්

වසර 2015 මහ මැතිවරණයේදී අලුතින් පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීන් 62ක් සිටින බැවින් හදිසි මැතිවරණයක් සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීම ඉතා අසීරු කරුණක් වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
නවක මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන්නේ අඩුම වශයෙන් වසර 5ක කාලයක් මැතිසබයේ සිටියහොත් පමණි.
එබඳු මන්ත්‍රීන්ට දැනට ලබන වැටුපෙන් 1/3ක් විශ්‍රාම වැටුප ලෙස ලබාගත හැක.
වසර 2015 මන්ත්‍රී පදවියකට පත් වූ මන්ත්‍රීන්ගේ සේවා කාලය වසර 5කට පෙර හමාර වුවහොත් ඔවුහු විශ්‍රාම වැටුප් හිමිකමට සුදුසුකම් නොලබති.
මේ සම්බන්ධයෙන් අප ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මන්ත්‍රීන් තෝරාපත් කරගෙන වසර 5ක් ගතවනතුරු පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමක් සිදු නොවනු ඇති බවයි.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

රිලවු අල්ලන ව්‍යාපෘතිය සාර්තකයි..

Shiran Viraj

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 55,000ට ආසන්නයි

Shiran Viraj

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Shiran Viraj
Translate »