27.8 C
Colombo
2026-08-06
mediahumanrights.lk
NewsPolitical

ඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතය

නව කැබිනට් මණ්ඩල සංශෝධනයට අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය අමාත්‍ය කබීර් හෂීම් වෙත හිමි වුණා.
එම අමාත්‍යධූරයේ මෙතෙක් කල් කටයුතු කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලයි.
මෙම වෙනස් වීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා.
එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දුන්නේ “එම ධූරයේ පෙර කටයුතු කළ ඇමතිතුමා පෙනී සිටියේ රටේ දරුවන් ගැන හිතලා නෙමෙයි..ජනතාව ගැන හිතලා නෙමෙයි කියන එක තමයි අපේ මතය. ඒ නිසා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒක තේරුම් අරගෙන ඔහුව ඒ ස්ථානයෙන් ඉවත් කරලා තියෙන්නේ. උසස් අධ්‍යාපනයට එතුමාව ගැලපෙන්නේ නෑ කියන එක තමයි අපේ මතය වුණේ. අනෙක් කරුණ.. ඇමති වෙනස් වෙනවාද? නැද්ද? කියන එකට වඩා අපි අවධානයෙන් ඉන්නේ ගෙන ගිය ප්‍රතිපත්ති වෙනස් වෙනවාද නැද්ද කියන කරුණ පිළිබඳවයි.” යනුවෙනි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..

Shiran Viraj

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

Shiran Viraj

නිපුණතා සංවර්ධන ඇමැති ජපන් සංචාරයක

Shiran Viraj
Translate »