30 C
Colombo
2026-07-04
mediahumanrights.lk
BusinessBusiness NewsNews

තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්

සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක  ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා තිබෙනවා. ඒ අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා සහ කුරුඳු ආනයනය තහනම් වනු ඇති. සාදික්කා, වසාවාසී, කරදමුරුගු, ඉගුරු, කහ සහා කාරඹුනැටිද ආනයනය තහනම් වන බවයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ.

ගම්මිරිස් ඇතුළු කුළු බඩු වෙනත් රටවලින් ආනයනය කර සෘජුව හො සුළු පිරිසැකසුම්වලින් පසු ප්‍රති අපනයනය කිරීම ඉකුත් සමයේ ප්‍රබල සංවාදයක් ඇති කළා. මෙම ප්‍රති අපනයන හේතුවෙන් ශ්‍රී ලංකාවේ කුළු බඩුවල ඉහල ප්‍රමතිය පිළිබඳ ජාත්‍යන්තර වෙළද පොලේ ඇති විශ්වාසය බිද වැටෙන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කුළු බඩු සඳහා ජාත්‍යන්තර වෙළද පොලේදී ලැබෙන මිලද පහළ වැටුනා. මෙලෙස මිල කඩා වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වගාකරුවන් හා අපනයනකරුවන් ද පීඩාවට පත්වන බවයි දිගින් දිගටම ප්‍රකාශ වුණේ.

කෙසේවෙතත් නව නියමයන්ට අනුව ගම්මිරිස් ඇතුළු කුළු බඩු මෙලෙස සෘජුව හෝ සුළු පිරිසැකසුම්වලින් පසු ප්‍රති අපනයනය කිරීම මින් පසු තහනම් වනු ඇති.

දේශීය තරගකාරී ගෘහ කර්මාන්තවන වෙසක් කූඩු සරුංගල් සහ හදුන් කූරු ආනයනද නව නියමයන් යටත් නියාමනය වන බවයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ.

අපද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය සැකසීම හෝ ප්‍රතිචක්‍රිකරණය සඳහා වූ ව්‍යාපාර සඳහා අවසර ලබා නොදීමටද මෙම නව නියමයන් යටතේ විධිවිධාන සලසා තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

Shiran Viraj

” පිදුරංගල ෆොටෝ එඩිට් කරපුවා ”- කැෆේ විධායක අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්.

Shiran Viraj

කොරෝනාවෙන් මෙරට දැවැන්ත සමාගම් හාන්සියි.. ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් වැටුප් කප්පාදු කරයි..

Shiran Viraj
Translate »