2026-07-04
mediahumanrights.lk
Local NewsNews

රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියට

කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා විවෘත කිරිමට නියමිතව තිබේ.
එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ජනාධිපති මාධ්‍ය  අංශය සදහන් කළේය.
පාලමේ ඉදිකිරිම් කටයුතු මෙම වසර අවසානයේ ඉදිකර අවසන් කිරිමට නියමිතව තිබුණ ද එහි කටයුතු මාස 11ක් වැනි කාළයක් තුළ අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
මංතීරු හතරකින් සමන්විත මෙම ගුවන් පාලම දිගින් මිටර් 534ක් වන අතර මීටර් 180ක පිවිසුම් මාර්ගයකින් ද සමන්විතයි.
ස්පාඤ්ඤ සමාගමක් සහ දේශිය සමාගමක් එක්ව 2016 වසරේ මෙම ගුවන් පාලමේ ඉදිකිරිම් අරම්භ කළ අතර ඒ සඳහා රුපියල් මිලියන 4700ක් වැය කර ඇති බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.
මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරිම සඳහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට මාර්ගය මංතිරු 03ක් සහිතව සංවර්ධනය කිරිමට නියමිතය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැකියි..- ජනපති

Shiran Viraj

හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

Shiran Viraj

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට අද සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

Shiran Viraj
Translate »