26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsSportsSports News

සෝනි දර්ශන හොරෙන්ගත් ක්‍රිකට් ආයතනයට තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පසුගිය ඉන්දීය සංචාරය තුළ එහි නිල වෙබ් අඩවිය ඔස්සේ තරග සජීවී ලෙස විස්තර විචාර ගෙනඒමට කටයුතු කරද්දී නීතිවිරෝධී ලෙස එය කිරීම නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා සෝනි රූපවාහිනී විකාශන සමාගම එක්ව යූටියුබ් තහනමක් පනවා තිබේ.
මෙම තහනම නිසා අවසන් පන්දුවාර විස්සයි – 20 තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ විකාශය කිරීමට නොහැකි වී ඇති බවද පැවසේ.
තරග විකාය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානාත්මක පිරිසක් එක්ව සිදුකරන මගඩිය පිළිබඳව ශ්‍රී ලංකා මිරර් මගින් මීට පෙර හෙළිදරව්කරන ලදී.
ක්‍රිකට් ආයතනය තරග විකාශ අයිතියට SLBCයට කොකා පෙන්නලා?
ජාත්‍යන්තර වශයෙන් තරග සජීවී ලෙස විකාශය කරද්දී අදාල නිල විකාශ සමාගමට මුදල් ගෙවා නිල අයිතිය ලබාගතහොත් කිසිවකුට එම තරග නොනිල අන්දමින් සජීවී ලෙස විකාශය කළ නොහැකිය.
එහෙත් රූපවාහිනී ප්‍රවෘත්ති සඳහා ඔවුන්ට විනාඩියක තරග කාලයක් මුදල් නොගෙවා භාවිතා කිරීමට හැකියාව තිබේ.
මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද තම වෙබ් අඩවිය භාවිතා කරමින් එක් පන්දුවාරයක් පමණක් ප්‍රදර්ශනය කොට සෙසු පන්දුවලදී විස්තර විචාරකයන්ගේ මුහුණු පෙන්වමින් විකාරශීලී සජීවී විස්තර විචාරයක් ඉන්දීය සංචාරය තුළ ගෙනඑන ලදී.
අදාළ තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා ලොලීන් නිරන්තරයෙන්ම එය සමච්චලයට ලක්කර තිබිණි.
කෙසේවුවද, දෙවැනි විස්සයි – 20 තරගය රස ගුවන් විදුලිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් රේඩියෝව සමගාමීව විස්තර විචාරය කරද්දී එක් පන්දුවක් නොව පන්දු සියල්ලම සජීවී ලෙස පෙන්වීම නිසා සෝනි සමාගමේ මැදිහත්වීමෙන් යූටියුබ් චැනලය විචාරය අතරමග නැවැත්වීමට කටයුතු කර තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් තුන්වැනි හා අවසන් විස්සයි – 20 තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය ඔස්සේ විකාශය නොකෙරුණි.
මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට තරග විකාශ අයිතිය ලබා නොදීමට ගුවන්විදුලි සංස්ථාවේම පිරිසක් කටයුතු කරමින් සිටීම අදාළ අර්බුදවලට මූලික හේතුව බවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුර

Shiran Viraj

ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනයට බදු ඉවත් කල යුතුමයි.. නමුත් IMF නිසා කරන්න බෑ..

Shiran Viraj

සුභ මොහොතට අනුව බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම ආරම්භයි

Shiran Viraj
Translate »