2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිවෙයි

විදේශ රැකියා අමාත්‍යංශය ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව  මෙරට කාන්තා ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ.
සාත්තු සේවිකා වෘතිය සදහා කාන්තාවන් 100කට අධික පිරිසකට රැකියා අවස්ථා හිමිව ඇති අතර එම ශ්‍රමිකයින් සදහා මසකට රුපියල් එක් ලක්ෂ 35,000ක වැටුපක් හිමි වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම රැකියා සඳහා ජපන් භාෂා ප්‍රවිනතාව සහිත වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණියන්ට අයදුම් කළ හැකි වේ.
ඊට අදාල අයදුම්පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කළ හැකි අතර වැඩිදුර තොරතුරු එම කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව සඳහන්ය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

මහ මැතිවරණය අගෝස්තු මාසයට යනු ඇති බවට වාර්තා

Shiran Viraj

වොල්ගා කල්පනී, හර්ෂණ බෙත්මගේ සමඟ සොඳුරු කතාබහක්

Shiran Viraj

අපි සහල් ආනයනය කරද්දී කොමිස් ගහන්නෑ..

Shiran Viraj
Translate »