2026-09-07
mediahumanrights.lk
Local NewsNews

වයඹ, සබරගමුව හා මොරටුවට නව වෛද්‍ය පීඨ 03ක්

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි නව වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.
මේ සඳහා මුදල් අමාත්‍යවරයා විසින් 2018 අයවැය මගින් රුපියල් මිලියන 1250ක් වෙන් කොට ඇත.
මේ හැර රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වැඩිදියුණු කිරීමේ අරමුණින් කරාපිටිය රෝහලේ මහාචාර්ය ඒකකයක් පිහිටුවීමට වන අතර ඒ සඳහා අවයැයෙන් රුපියල් මිලියන 50ක මුදලක් ද වෙන් කොට තිබේ.
මෙසේ අලුතින් වෛද්‍ය පීඨ ආරම්භ කිරීමෙන් වසරකට සිසුන් විශාල සංඛ්‍යාවකට වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමට ඉඩ සැලසෙන අතර දැනට ඒ සඳහා පවතින තරගයද අවම වනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

(under the courtesy of news.lk news web)

Related posts

රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..

Shiran Viraj

දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් 2026 ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේ

Shiran Viraj

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට.. වාහන ගැනත් ප‍්‍රකාශයක්…

Shiran Viraj
Translate »