mediahumanrights.lk
NewsPolitical

මෙවර අයවැයෙන් රට අතීතයට ගෙනයන බව මුදල් ඇමති කියයි

මෙවර අයවැයෙන් සැලසුම් සකස් කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අතීතයේ පැවති ප්‍රෞඩත්වය නැවත ඇති කිරීමට බව  මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ශී‍්‍ර ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයක් බවට සමාජගත වී ඇති වැරදි මතයද එයින් නිවැරදි කෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. මාතර ඊයේ (24) පැවති සම්මන්ත‍්‍රණයකදි මෙම අදහස් පළ කෙරුණා.
මෑතදී සම්මත කෙරුණු දේශීය ආදායම් පනත මගින් බදු ආදායම මත සිදු කෙරෙන දේශපාලන ඇගිලි ගැසීම් වළක්වා ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සීග‍්‍ර සංවර්ධනයක් සදහා එයද පිටිවහලක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මෙම නව පනත සම්මත කළ වහාම බලාත්මක කිරීමට මුලදී අපේක්‍ෂා කළත් ඒ පිළිබද ජනතාව දැනුවත් කිරීමට සහ ඊට හුරුවීමට කාලයක් ලබාදිය යුතු නිසා එය බලාත්මක කිරීම කල් දැමුණු බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර කියාසිටියා. ඒ අනුව ලබන වසරේ අපේ‍්‍රල් මස සිට මෙම නව පනත බලාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මන්ත්‍රී විමල් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Shiran Viraj

සාකච්ඡාවට පෙර සම්බාධක ඉවත් කරන්න – කටාරය ඉල්ලයි

Shiran Viraj

ෂාෆ්ටර්ගේ බිරිදගේ හා මිතුරාගේ සාක්‍ෂි පරස්පරතා රැසක්.. ඝාතනයේ හෙළි නොවූ රහස්…

Shiran Viraj
Translate »