26.7 C
Colombo
2026-10-23
mediahumanrights.lk
News

පුංචි සක්විති හලාවතින් අල්ලයි

ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකුව හලාවත කොට්ඨාස වංචා විමර්ශණ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – වැල්ල පදිංචිකරුවෙකි.
මේ වන විට මුදල් වංචාවට හසුවූ දෙදෙනෙකු වංචා විමර්ශණ අංශයට පැමිණ තමන්ට සිදුවී ඇති වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව දැන ගත් තවත් කීප දෙනෙකුම ඒ සම්බන්ධයෙන් විමසුම් කළ බව විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරියෙකු පැවසීය.
ඒ අනුව සැකකරු කී දෙනෙකුගෙන් කොපමණ මුදලක් වංචා කර ඇද්ද යන්න නිශ්චිතවම අනාවරණය කළ නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
සැකකරුගෙන් තව දුරටත් ප්‍රශ්න කරමින් සිටී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දිගටම වැඩවර්ජන නිසා වෛද්‍යවරුන් ගැන අද වැරදි මතයක් නිර්මාණය වෙලා

Shiran Viraj

ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…

Shiran Viraj

වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර සෞඛ්‍ය සේවාවක් හදනවා..

Shiran Viraj
Translate »