26.1 C
Colombo
2026-09-02
mediahumanrights.lk
Local NewsNews

සායනික පරික්‍ෂණවලට ලක් නොකල ඖෂධ ලංකාවට ගෙනැත්…

 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා මෙම අදහස් පල කලේය.

පහුගිය වසර 05 දි සිරෝ කරපු, සිරෝ වෙච්ච මිනිස්සුන් කියන සටන් පාඨවලින් අද මේ දවස්වල මාධ්‍යවල කතා බහක් වෙනවා. ඇත්තටම රටක් විදිහට ඒ රටේ ජනජිවිතය අඩාල කරමින්, රටේ ආර්ථික සාමාජීය තත්වය නැති කරමින් මේ රටට මර බිය, ත්‍රස්ත බිය ඒවගේම පාතාල බිය, මත්ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිත කරපු යහපාලන ආණ්ඩුව සැබෑ ලෙස Good Governess කියන වචනයත් සම්පූර්ණයෙන්ම නැති කරලයි ආවේ. සම්පූර්ණයෙන් රටත් නැති කරලා දැම්මා. අපි රටක් විදිහට අපි ඒ අභිමානය අරගෙන ඉස්සරහට රට ගොඩනඟා ගෙන එනවා. අද පරිසරයත් joke එකක් බවට පත්වෙලා තිබෙනවා. සැබෑවටම පරිසරය ගැන මහා පරිමාණයෙන් කතා කරන්න ඕන, අද ප්‍රතිපත්ති හදන්න ඕන. එහෙම කරලා නැති මහ ලොකුවට පරිසරය ගැන කතා කරපු මිනිසුන්ට අමතක වුණා අවුරුදු ගණාක් පරණ නිති රිති යාවත්කාලින කරන්න. මොකද පරිසර පනත විශාල අනපත් තිබෙනවා.අපි සෞභාගය දැක්ම ආරම්භ කළේම පරිසරය සම්බන්ධ කතාවත් එක්කමයි.

අපි 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයේදි ප්‍රධාන ලෙස කතා කර මාතෘකාවක් ලෙස වස විසින් තොර ආහාර ද්‍රව්‍ය , වස විසින් තොර ආහාර ප්‍රමිතියක් හදන්න ඕන කියන එක. පොල්තෙල් ගැටළුවේදි, මාර්තු මාසයේ 04 වෙනිදා ඒ පොල්තෙල් ටික ලංකාවට ඇවිල්ලා රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත ITI ආයතනය සහ ප්‍රමිති ආයතනය මැදිහත් වෙලා ඒ පරික්ෂණ කටයුතු කරේ. 2015 ඉඳලා 2019 වෙනකන් මේ වස විස ගැන බැලුවෙත් නෑ. මේ පරිසරය ගැන බැලුවෙත් නෑ. මේ සධාචාරය ගැන බැලුවෙත් නෑ. ඇත්තටම රටට මොකද වුණේ කියලා දන්නේත් නෑ. අපි මොනතරම් වස විස කාලා තිබෙනවද දන්නෙත් නෑ.

අද වෙනකොට අපේක්ෂා රෝහලේ දළ වශයෙන් දිනකට රෝගින් 70 ක් පමණ ලියාපදිංචි වෙනවා. මෙන්න මේ කතාවේ අපේ රජය ඉන්නේ කොහෙද කියලා. ඉතා පැහැදිලිව ජනාධිපතිතුමා නියෝග දි තිබෙනවා මේ ආයතනවලට විශේෂඥ දැනුම තියෙන අය පත් කිරීම, ඒ වගේම ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරික්ෂණ සිදු කරන්න කියලා. මේ පොල්තෙල් පමණක් නෙවේ විශාල ආහාර ද්‍රව්‍ය පරික්ෂා කර තිබෙනවා. ඊට අවශ්‍ය නිතිරිති ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිතින් භාවිතය, විවිධ ආහාර වලට සම්බන්ධ ඇසුරුම් , රසකාරක පිළිබඳව විශාල ප්‍රමිතියක් පිළිබඳව සාකච්ඡා වෙනවා.

පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා වුණා පැණි බීම, කැෆේ නිෂ්පාදන, E339 කියන විස කාරක, ආහාර ද්‍රව්‍ය පාවිච්චි කරන එක අඩු කරන්න කියලා. අපි රජයක් විදිහට රට තුළ නිෂ්පාදනය වෙන පැණිබිම, ආහාර ද්‍රව්‍ය සියල්ල ගැන නිරන්තර අවධානයෙන් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා. අද හොටු පෙරාගෙන, කටේ කෙල බේරි බෙරි කෑගහන විපක්ෂයේ කට්ටියට අමතක වෙලා තිබෙනවා අපි රජයක් විදිහට කරන වැඩිපිළිවෙල පිළිබඳව. මේ පොල්තෙල් වල එල්ලිලා වැඩක් නෑ. පොල්තෙල් එක කාරණයක් විතරයි. සෑහෙන්න විස ආහාර ද්‍රව්‍ය ගැන අවධානය යොමු කර තිබෙනවා. රට හදන ප්‍රතිපත්ති විතරක් නෙවේ, මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්ති ගන්නවා. අපේ රජය ඒ සම්බන්ධයෙන් දැඩි නිති රිති ක්‍රියාත්මක කරනවා.

2015 .01.15 සිට 2018.12.31 කාලයෙ රජයේ ආයතනවල සිදු වි ඇති දූෂණ වංචා පිළිබඳව ජනාධිපති කොමිෂම දැම්මේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. මේ පොතේ 639 පිටුවේ තිබෙන විදිහට වසරකට කාන්තාවන් 400 පමණ පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර කරනවා. මේ බෙහෙත් අදාල රටේ පරික්ෂා නොකර අනුමත නොකර ගෙන්වලා තිබෙනවා. මේ කෑගහන අය දන්නේ නෑ කිසිම ප්‍රමිතියක් නැතිව, කිසිම න්‍යාමනයක් නැතිව පිළිකාකාර ඖෂධ ගෙන්වලා තිබෙනවා.

මෙන්න මේ වගේ දූෂණ වංචා කරන රජයක් තිබ්බේ. අපි අවශ්‍ය නිතිය ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ජනතාවට විශ්වාසයෙන් කියනවා අපි අනිවාර්යයෙන් ජනතාව වෙනුවෙන් කටයුතු කරන රජයක්.දුන්න පොරොන්දු කඩ කරන්නේ නෑ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ
මාධ්‍ය ම්‍යස්ථානය

Related posts

සමනොල සිරි හරිත වන්දනාව සාර්ථකයි: ශ්‍රී පාදයේ අපද්‍රව්‍ය කිලෝ 7,000ක් ප්‍රතිචක්‍රීකරණයට

Shiran Viraj

තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…

Shiran Viraj

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj
Translate »