26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
News

පුංචි සක්විති හලාවතින් අල්ලයි

ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකුව හලාවත කොට්ඨාස වංචා විමර්ශණ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – වැල්ල පදිංචිකරුවෙකි.
මේ වන විට මුදල් වංචාවට හසුවූ දෙදෙනෙකු වංචා විමර්ශණ අංශයට පැමිණ තමන්ට සිදුවී ඇති වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව දැන ගත් තවත් කීප දෙනෙකුම ඒ සම්බන්ධයෙන් විමසුම් කළ බව විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරියෙකු පැවසීය.
ඒ අනුව සැකකරු කී දෙනෙකුගෙන් කොපමණ මුදලක් වංචා කර ඇද්ද යන්න නිශ්චිතවම අනාවරණය කළ නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
සැකකරුගෙන් තව දුරටත් ප්‍රශ්න කරමින් සිටී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ක‍්‍රිකට් සභාපති සුරූපිනියන් තිදෙනෙක් සමග පලමු පන්තියෙන් ඕස්ට්‍රේලියාවට… රහස් පොලිසියට පැමිණිලි..

Shiran Viraj

පොලීසිය නිසා නවතම වාර්තාවකින් කොළඹට හොඳ තැනක්

Shiran Viraj

අනතුරින් 1ක් මරුට

Shiran Viraj
Translate »