26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

ඡන්දය නොපැවැත්වීමේ වගකීම මහින්ද ආණ්‌ඩුවට භාර කරයි

පළාත් පාලන වැනි ඉතා කුඩා මැතිවරණයක්‌ පැවැත්වීමේ නොහැකියාව සම්බන්ධයෙන් වගකීම ආණ්‌ඩුව විසින් භාරගත යුතු බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එජනිස මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය අතරතුරදී මුලසුනේ අවසරය මත විශේෂ ප්‍රකාශයක්‌ කරමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද කියා සිටියේය.
“පළාත් පාලන මැතිවරණය නැවත කල් යන බවක්‌ අද කියා තිබුණා. නඩුව 04 දා දක්‌වා කල් ගිහින්. ජනවාරියේ මේ මැතිවරණය පවත්වන බවට ප්‍රකාශ කළා. මේක ජනතාව බලාගෙන ඉන්න මැතිවරණයක්‌. කල් යෑම ගැන විරුද්ධ වෙනවා. මේ ඡන්දය හැකි ඉක්‌මණින් පැවැත්වීමේ වගකීම ආණ්‌ඩුවට තියෙනවා.“
එම ප්‍රකාශයත් සමගම ඊට පිළිතුරු දෙමින් සභානායක, අමාත්‍ය ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ “අපි අධිකරණය නෙමෙයි. ඉන්නෙ පාර්ලිමේන්තුවේ.“යනුවෙනි.
“මම හිතුවේ අධිකරණය තියෙන්නේ සිරිකොත පැත්තේ කියලා.“ යැයි මහින්ද රාජපක්‍ෂ මහතා ඊට පිළිතුරු දුන්නේය.
“ඡන්දෙ කල් යනවාට අපිත් විරුද්ධයි. එජාපයට ඕනෙත් ඡන්දය තියන්න. අපි නාම යෝජනා හදලා දැන් ඒ කට්‌ටිය ඇවිදිනවා.“ යැයිද සභානායකවරයා පැවසී ය.
“අවුරුදු දෙකහමාරක්‌ කල් ගියා. තුන්වැනි අවුරුද්දටත් ඇවිත්. මේක පොඩි මැතිවරණයක්‌. රට තුළ මේ ගැන ආන්දොaලනයක්‌ ඇතිවෙලා. මේකෙ වගකීම තියෙන්නේ ආණ්‌ඩුවට. ආණ්‌ඩුවෙන් මේ ඡන්දෙ කල් දැම්මේ.“ යැයිද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

පොලීසිය නිසා නවතම වාර්තාවකින් කොළඹට හොඳ තැනක්

Shiran Viraj

ග්‍රාමීය සිසුන්ට අධ්‍යාපනික උපකරණ දීමට ආධාර ඉල්ලයි

Shiran Viraj

බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Shiran Viraj
Translate »