mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

යළි ඉපදෙන 'කොළඹ සන්නිය '

මේ දිනවල විවිධ චිත්‍රපට යළි යළිත් ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ අතර අලුතින්ම ප්‍රතිනිර්මාණය වෙන චිත්‍රපටය තමයි ‘කොළඹ සන්නිය’ චිත්‍රපටය. මේ චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට ලක් වූ චිත්‍රපටයක්. ජෝ අබේවික්‍රම, එඩී ජයමාන්න, දෙනවක හාමිනේ, දයා අල්විස් වැනි ප්‍රවීණයන් එදා මේ චිත්‍රපටයේ චරිත මැවුවා. මේ වන විට එය හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණයෙන් නැවතත් සිනමාවට ගෙන ඒ මට නියමිතයි.
එදා ජෝ අබේවික්‍රමයන් රඟ පෑ ‘අන්දිරිස්’ චරිතයට මෙදා සරත් කොතලාවල ද ගීතා රඟ පෑ චරිතයට මේනකා මධුවන්ති ද රංගනයෙන් දායක වෙන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. මේ චරිතය ගැන අපි සරත්ගෙන් විමසා බැලුවා. ‘ඇත්තටම අපිට ප්‍රවීණයන් රැසක් රඟපාපු චිත්‍රපටයක් තමයි නැවත රඟපානන්ට සිදු වී තිබෙන්නේ. නමුත් ඒ පිටපතම නෙවෙයි. වෙනසක් සහිතවයි එය ලියැවෙන්නේ. ඇත්තටම පැරැණි චිත්‍රපටයේ ඒ චරිත ඔවුන් රඟපෑවේ විශාල රංගන පරාසයක් ඇතිවයි.
එය තරමක් අභියෝගාත්මකයි. නමුත් අපි අපිටම ආවේණික වූ රංගන ශෛලියකින් තමයි මේ චිත්‍රපටයේ චරිත මවන්නේ. එනිසා මම හිතන්නෑ ජෝ මහත්තයා විදිහටම මම රඟ පෑ යුතුයි කියලා. ඉදිරියේදී මේ ගැන අපේ ප්‍රේක්ෂකයනට දැක බලා ගන්නට පුළුවන් වේවි.’
උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

Related posts

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Shiran Viraj

20 අලුතින් ගැසට් වෙයි

Shiran Viraj

ප‍්‍රියමාලි නිවේදක යුවලකට ගේ හදාගන්න කෝටි එකහමාරක් දීලා.. CID ප‍්‍රශ්ණ කරයි..

Shiran Viraj
Translate »