30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මනෝජ්ට දාහතයි

ඔහුගේ හඬ වගේම රුවත් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නැහැ. විටෙක චතුර ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසත් තවත් විටෙක වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසත් කටයුතු කරන මනෝජ් ඉඳුරුව රසිකයන්ගේ නිබඳ ආදරයට නතු වූ චරිතයක්. මනෝජ් ගේ මාධ්‍ය ජීවි‍තයේ නවතම තොරතුරු සොයා බලන්නට අපි කටයුතු කළා.
‘ මේ දවස්වල තරමක් කාර්ය බහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. විශේෂයෙන්ම සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති නිවේදකයෙක් , මැදිරි කළමනාකාරවරයෙක් ලෙස කටයුතු කරන නිසාම කාර්යබහුලත්වය වැඩියි. කොහොම වුණත් මගේ මාධ්‍ය ජීවිතයට මේ වන විට අවුරුදු 17ක් සම්පූර්ණ වෙනවා. අතීතය දෙස හැරී බලද්දී ලොකු සතුටක් දැනෙනවා. මම මාධ්‍ය කලාවට මුලින්ම අත්පොත් තබන්නේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු ලෙස කටයුතු කරන සමයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක නිෂ්පාදන සහායකවරයෙක් ලෙසට එක් වෙමින්.
ඒ 2000 වසරේ දියි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ,කලාකරු එච්. ඩී. ප්‍රේමරත්න මහතා තමයි මගේ ඒ පටන් ගැන්මේ මුලික අඩිතාලම දැමුවේ. තාරකා වාසලමුදලිආරච්චි සොයුරියගේ මාර්ගයෙන් මට චන්දන සූරියබණ්ඩාර මහතා හඳුනාගන්නට ලැබෙනවා. ඉන්පසුව 2007 වසරේ සිරස ආයතනයේ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස එක්වෙනවා. එයට අවස්ථාව සලසා දෙන්නේ චන්දන සූරියබණ්ඩාර මහතා. ඉන්පසුව සහකාර ප්‍රවෘත්ති කළමනාකාරවරයෙක් ලෙස මම කටයුතු කරනවා. ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහට ඉදිරියට එන හැම පැය විසිහතරම අපට වැදගත්. ඒ හැම මොහොතක්ම අපිට අමතක නොව මතකයන්.
මම ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහට එක් වෙන සමයේ මට කටයුතු කරන්න ලැබුණේ ප්‍රවෘත්ති කලාවේ ප්‍රවීණයන් රැසක් සමඟ චේතනා ලියනගේ, තනූජා ජයවර්ධන වගේම ඔමායා කෝවිලගොඩත් මට අමතක කරන්න බැහැ. ඔවුන් සමඟ ප්‍රවෘත්ති නිවේදනයට මට අවස්ථාව ලැබ්ණා. ඒ ගැන සතුටුයි. ඒ වගේම මම මතක් කළ යුතුයි සිරස ආයතනයේ ප්‍රධානී රාජා මහේන්ද්‍රන් ඒ වගේම සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් නාලිකා ප්‍රධානී සුරංග ප්‍රීතික, සිඩ්නි චන්ද්‍ර ‍ෙස්කර. ඔවුන්ගෙන් මගේ ඉදිරි ගමනට ලැබෙන අත්වැල ගෞරවයෙන් මම සිහිපත් කරනවා. මගේ මව, සොහොයුරා වගේම මගේ නෑනත් මට ශක්තියක්.
උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

Related posts

‘දිට්වා’ කුණාටුව: අවතැන් දරුවන්ට පොත්පත් දීමට නාමල් රාජපක්ෂගෙන් වැඩපිළිවෙළක්

Shiran Viraj

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj

කුකුලේ ගඟේ වාන් දොරටුවක් අරියි – ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් ප්‍රදේශ මෙන්න

Shiran Viraj
Translate »