mediahumanrights.lk
Local NewsNews

මෝටර් රථය ඇලට පෙරළෙයි! මව පියා මරුට දරුවෙක් අතුරුදන්!

මහියංගණය මාපාකඩ ප‍්‍රදේශයේ දී මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබෙනවා. ඔවුන්ගේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු අතුරුදන් වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. අනෙක් දරුවා දිවි බේරාගෙන තිබෙනවා. මියගිය සැමියි 43 වන වියේ පසුවූවෙක්. බිරිඳගේ වයස අවුරුදු 40ක්. අතුරුදන් වී සිටින දරුවා 17 වන වියේ පසුවන්නෙක්.
මේ අතර ලග්ගල නවගුරුවෙල ප‍්‍රදේශයේ දී බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් පාසල් ළමයින් 10 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයෙකු තුවාල ලැබූවා. මෙම අනතුර සිදුව ඇත්තේ අද පස්වරු 3ට පමණයි. අනතුරට ලක්වූ බස් රථය පාසල් ළමයින් ප‍්‍රවාහනය කිරීම සඳහා මහවැලි අධිකාරිය විසින් යොදවා තිබූ එකක්. තුවාල ලැබූවන් පල්ලේගම සහ මහියංගණය යන රෝහල්වල තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකියි

Shiran Viraj

මරක අනතුරක් සිදුකර පලා යාම CCTV කැමරාවේ සටහන් වූ හැටි

Shiran Viraj

ලංකාව ඉන්ධන අර්බුදයක…

Shiran Viraj
Translate »